පැතුම් නිස්සංක :එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙරට ක්‍රිකට් වංශකතාවට නව පරිච්ජේදයක් එක් කිරීමට පැතුම් නිස්සංක අද (පෙබරවාරි 09 වෙනිදා) සමත් විය.
ඒ, එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකය රැස් කළ පළමු පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක ඉනිමක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක අද සමත් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
24 වසරකට පසුව බිඳ වැටුණු වාර්තාව
මේ දක්වා එක්දින තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා වුයේ සනත් ජයසුරිය යි.
සනත් ජයසුරිය 2000 වසරේ සාජා හිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් වාර්තා කළ අතර පුරා වසර 24ක් එය වාර්තා පොත් අතර පැවතුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක දී පිතිකරුවෙකු ලෙස වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස යි.
ඒ අනුව පැතුම් නිස්සංක අද (පෙබරවාරි 09 වෙනිදා) එම වාර්තාව බිඳ හෙලීමට සමත් වන ලදී.
එතෙක් තමන් විසින් තබා තිබූ වාර්තාව පැතුම් නිස්සංක විසින් බිඳ දමන අවස්ථාවේදී පල්ලේකැලේ ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරයේ සනත් ජයසුරිය රැඳී සිටීම ද විශේෂත්වයක් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
පැතුම් නිශ්ශංක යනු කවුද ?
1998 වසරේ මැයි මස 18 වෙනිදා ගාල්ලේදී උපන් පැතුම් නිස්සංක සිල්වා කුඩා කාලයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුයේ ඔහුගේ පියාගේ ආභාෂය නිසාවෙනි.
කුඩා කාලයේ පැතුම් නිස්සංක කළුතර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ සුනිල් සළුවන ක්‍රිකට් පුහුණුකරු යටතේ ය.
පැතුම් නිස්සංක ගේ කුඩා කාලය ඔවුන්ගේ පවුලේ පැවති ආර්ථික තත්ත්වය සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම දැඩි අභියෝගයක් වී තිබේ.
පැතුම් නිස්සංකගේ පියා වන සුනිල් සිල්වා ක්‍රිකට් ක්‍රීඩාංගණයක සේවය කළ අතර ඔහුගේ මව කළුතර බෝධිය අසල මල් අලෙවි කිරීමේ නියැලෙමින් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතු අඛණ්ඩව කරගෙන යාමට දැඩි කැපවීමක් කළ බව ඇය වරක් මාධ්‍යයට පවසා තිබුණි.
"එයාට (පැතුම්ට) ප්‍රැක්ටිස් කරන්න හරියට සපත්තු දෙකක් තිබ්බේ නැහැ. කකුල් දෙකේ ඇඟිලි පේනවා නම් ෆාමසි එකෙන් ප්ලාස්ටර් ගහගෙන තමයි එයා සෙල්ලම් කරන්න ගියේ."
"එයා පොඩි කාලේ ඉදලා සෙල්ලම් බඩු වලින් ආසම කරන දේ වුණේ බෝලයයි බැට් එකයි."
"එයාගේ තාත්තාගේ ලොකුම හීනේ වුනේ එයා ක්‍රිකට් ගහන එක. එයා ඒක කළා." පැතුම් ගේ මව එසේ වරක් මාධ්‍යය වෙත ප්‍රකාශ කොට තිබුණි.
කළුතර විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් දැක්වීමත් සමග පැතුම් නිස්සංකට කොළඹ ඉසිපතන විදුහලට ඇතුල්වීමට අවස්ථාව හිමිවිය.
ජාතික කණ්ඩායමට ලැබුණු කැඳවීම
පාසැල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමත් සමග පැතුම් නිස්සංක පළමු පෙළ ක්‍රිකට් ගමනට අත්පොත් තැබුවේ බදුරලිය ක්‍රීඩා සමාජයෙන් ය.
එහිදී ඉතා දක්ෂ ලෙස ලකුණු අතරට පැමිණි පැතුම්ට කොළඹ NCC ක්‍රීඩා සමාජයට එක්වීමට අවස්ථාව හිමිවිය.
දස්කම් අතර සිටියත් පැතුම් නිස්සංකට ජාතික කණ්ඩායමට එක්වීමට වසර කිහිපයක් බලා සිටීමට සිදුවිය.
කෙසේ වුවත් 2021 වසරේදී පැතුම් නිස්සංකට ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළමු තරගයේදීම වාර්තා පොත් අලුත් කළ පැතුම්
පැතුම් නිස්සංක තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවා හි පැවති ටෙස්ට් තරගයේ දී පැතුම් නිස්සංක ලකුණු 103ක් රැස් කළේ විදේශ රටකදී සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමිනි.
මේ දක්වා ටෙස්ට් තරග 09 කදී ඉනිම් 15ක් තුළ පැතුම් නිස්සංක රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 537කි. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 05ක් ඇතුලත් වේ.
විස්සයි 20 තරග 45 කට ක්‍රීඩා කර ඇති පැතුම් නිස්සංක ලකුණු 1140ක් රැස් කර ඇති අතර ඊට අර්ධ ශතක 09ක් ඇතුළත් ය.
50 වෙනි එක්දින තරගයේ දී දැක් වූ දස්කම්
පැතුම් නිස්සංක සිය 50 වෙනි එක්දින තරගයට අද (පෙබරවාරි 09 වෙනිදා) ක්‍රීඩා කළේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ය.
එහිදී පැතුම් නිස්සංක පන්දු 139 කදී නොදැවී ලකුණු 210ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 20ක් සහ හයේ පහරවල් 08ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා වීමට ඒ අනුව ඔහු සමත් විය.
එමෙන්ම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් වාර්තා වූ 12 වන ද්විත්ව ශතකය ලෙස මෙය වාර්තා පොත් අතරට එක් වෙයි.
සමාජ මාධ්‍යයේ සුබ පැතුම්
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා වූ පැතුම් නිස්සංකට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සුබ පැතුම් එක් කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, දසුන් ශානක ඇතුළු බොහෝ දෙනා ඔහුට X සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබේ.












