'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ

USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව

ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී තිබේ.

කාල් වින්සන් නෞකාව එම කලාපයට ඇතුළු වූයේ උතුරු කොරියාව විසින් 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීමක් සිදු කරනු ලැබීමෙන් පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය.

උතුරු කොරියාව සහ වොෂිංටන් පාලනය අතර ඉහළ යමින් පවතින නොඉවසිලිමත්භාවය මධ්‍යයේ එම කලාපය වෙත යාත්‍රා කරන මෙන් ඇමරිකාව කාල් වින්සන් නෞකාවට නියෝග ලබා දුණි.

line
line

කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට සූදානම්" බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය පසුගිය 23 වෙනිදා වාර්තා කළේය.

The Carl Vinson being escorted by other warships

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු පරිවාර යුද නෞකා

මේ අතර කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුහුදට දියත් කළේය.

line
line

ප්යොංයැං පාලනය වෙත රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එල්ල කෙරෙන පීඩනය තවදුරටත් ඉහළ නංවන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඊයේ (අප්‍රේල් 28) සෙසු රටවලින් ඉල්ලා සිටියේය.