ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ
ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී තිබේ.
කාල් වින්සන් නෞකාව එම කලාපයට ඇතුළු වූයේ උතුරු කොරියාව විසින් 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීමක් සිදු කරනු ලැබීමෙන් පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය.
උතුරු කොරියාව සහ වොෂිංටන් පාලනය අතර ඉහළ යමින් පවතින නොඉවසිලිමත්භාවය මධ්‍යයේ එම කලාපය වෙත යාත්‍රා කරන මෙන් ඇමරිකාව කාල් වින්සන් නෞකාවට නියෝග ලබා දුණි.
කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට සූදානම්" බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය පසුගිය 23 වෙනිදා වාර්තා කළේය.
මේ අතර කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුහුදට දියත් කළේය.
ප්යොංයැං පාලනය වෙත රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එල්ල කෙරෙන පීඩනය තවදුරටත් ඉහළ නංවන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඊයේ (අප්‍රේල් 28) සෙසු රටවලින් ඉල්ලා සිටියේය.