ඉතාලියේ අධිබල භූමිකම්පා දෙකක්

Collapsed church in Campi di Norcia, central Italy

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කම්පි ඩි නෝසියා හි කඩා වැටුණු දේවස්ථාන ගොඩනැගිල්ලක්

බදාදා රාත්‍රියේ මධ්‍යම ඉතාලියේ සිදුවූ අධිබල භූමිකම්පා දෙක හේතුවෙන් සිදුවූ විනාශය පිළිබඳව හදිසි ආපදා සහන සේවකයෝ තක්සේරු කරමින් සිටිති.

රික්ටර් මාපකයේ 5.4 ක් සහ 6 ක් වශයෙන් සටහන් වූ භූ චලන දෙකක් පෙරුජා නගරයට නැගෙනහිරින් සිදුවිය.

A damaged wall along a church is seen in Norcia, central Italy

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කොටසක් කඩා වැටුණු තවත් දේවස්ථානයක්

පසුගිය අගෝස්තු මාසයේදී තුන්සියයකට අසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්කරමින් දරුණු භූමිකම්පාවක් සිදුවූයේ ද මෙම ප්‍රදේශයට ආසන්නවය.

බොහෝ පදිංචිකරුවෝ තාවකාලික කූඩාරම් තුළ රාත්‍රිය ගත කළහ.

විදුලිය විසන්ධිවීම්, ගොඩනැගිලි කඩාවැටීම් සහ ගම්මානවලට හානි සිදුවීම් පිළිබඳව, භූ කම්පනයේ කේන්ද්‍රය අවට ප්‍රදේශවල නගරාධිපතිවරුන් වෙත වාර්තා වී ඇත.

visso

වඩාත් ප්‍රබල දෙවෙනි භූමිකම්පාවට පෙර බොහෝ දෙනා අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත්වූ බවට විශ්වාස කෙරේ.

කෙසේවුවද, පසු කම්පන රාත්‍රිය පුරා පැවති බව වාර්තාවේ.