ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතාලියේ අධිබල භූමිකම්පා දෙකක්
බදාදා රාත්‍රියේ මධ්‍යම ඉතාලියේ සිදුවූ අධිබල භූමිකම්පා දෙක හේතුවෙන් සිදුවූ විනාශය පිළිබඳව හදිසි ආපදා සහන සේවකයෝ තක්සේරු කරමින් සිටිති.
රික්ටර් මාපකයේ 5.4 ක් සහ 6 ක් වශයෙන් සටහන් වූ භූ චලන දෙකක් පෙරුජා නගරයට නැගෙනහිරින් සිදුවිය.
පසුගිය අගෝස්තු මාසයේදී තුන්සියයකට අසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්කරමින් දරුණු භූමිකම්පාවක් සිදුවූයේ ද මෙම ප්‍රදේශයට ආසන්නවය.
බොහෝ පදිංචිකරුවෝ තාවකාලික කූඩාරම් තුළ රාත්‍රිය ගත කළහ.
විදුලිය විසන්ධිවීම්, ගොඩනැගිලි කඩාවැටීම් සහ ගම්මානවලට හානි සිදුවීම් පිළිබඳව, භූ කම්පනයේ කේන්ද්‍රය අවට ප්‍රදේශවල නගරාධිපතිවරුන් වෙත වාර්තා වී ඇත.