අද සිට ඉන්ධන දෙන්නේ QR කේතයට පමණයි

QR ක්‍රමවේදයට ඉන්ධන ලබාදීමට මොකද වෙන්නේ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් බලශක්ති අමාත්‍යාංශය හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය අද (අගෝස්තු 01 වැනිදා) සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව අද සිට ඉන්ධන නිකුත් කරන්නේ QR කේතය පරික්ෂා කිරීමෙන් පසුවය.

ජූලි (31) පස්වරු 3.30 වනවිට QR ක්‍රමවේදය හා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව මිලියන 5 තෙක් ඉහළ ගිය බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අතරින් සියයට 95ක්ම QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා අනුගත වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ඉන්ධන අවසර පත සම්බන්ධව ජනතාව පළකළ අදහස්, චෝදනා, යෝජනා සහ පැවති තාක්ෂණික ගැටලු සහ නව වෙනස්කම් සහිතව අද සිට මෙම ක්‍රමවේදය සැලසුම් කොට ඇති පරිදි ක්‍රියාත්මක බවද හෙතෙම ඊයේ ටුවිටර් පණිවිඩයක්ද නිකුත් කරමින් කියා සිටියේය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඒ අනුව අද සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ක්‍රමවේද වලංගු නොවේ.