ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අද සිට ඉන්ධන දෙන්නේ QR කේතයට පමණයි
ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් බලශක්ති අමාත්‍යාංශය හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය අද (අගෝස්තු 01 වැනිදා) සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙයි.
ඒ අනුව අද සිට ඉන්ධන නිකුත් කරන්නේ QR කේතය පරික්ෂා කිරීමෙන් පසුවය.
ජූලි (31) පස්වරු 3.30 වනවිට QR ක්‍රමවේදය හා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව මිලියන 5 තෙක් ඉහළ ගිය බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අතරින් සියයට 95ක්ම QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා අනුගත වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ඉන්ධන අවසර පත සම්බන්ධව ජනතාව පළකළ අදහස්, චෝදනා, යෝජනා සහ පැවති තාක්ෂණික ගැටලු සහ නව වෙනස්කම් සහිතව අද සිට මෙම ක්‍රමවේදය සැලසුම් කොට ඇති පරිදි ක්‍රියාත්මක බවද හෙතෙම ඊයේ ටුවිටර් පණිවිඩයක්ද නිකුත් කරමින් කියා සිටියේය.
ඒ අනුව අද සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ක්‍රමවේද වලංගු නොවේ.