දිට්වා සුළි කුණාටුවෙන් දින 50 කට පසුවත් ජලයෙන් යටවී ඇති ගමක්: 'අපි බයෙන් තමා මෙතන ජීවත් වෙන්නේ'

දිට්වා සුළි කුණාටුවෙන් දින 50 කට පසුවත් ජලයෙන් යටවී ඇති ගමක්: 'අපි බයෙන් තමා මෙතන ජීවත් වෙන්නේ'
    • Author, සම්පත් දිසානායක - වනාතවිල්ලුවේ සිට
    • Role, බීබීසී සිංහල

දිට්වා සුළි කුණාටුවෙන් දින 50කට පසුවත් පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, සින්නනාගවිල්ලුව ගම්මානයේ කොටසක් තවමත් ජලයෙන් යටවී තිබේ.

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල දක්නට ලැබුණු මෙම ප්‍රදේශයේ සැබෑ තත්ත්වය පිළිබඳ බීබීසී සිංහල (ජනවාරි 13 වැනිදා) එම ප්‍රදේශයේ සංචාරය කරමින්, ගම්වාසීන් සමග මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හමු වී සොයා බැලුවෙමු.

අවතැන්වූ පවුල් 13ක් ප්‍රදේශයෙන් ඉවත්ව ඇති අතර පවුල් 7ක ජනතාව කටුක ජීවිතයක් ගත කරමින් වතුරින් යටව ඇති මෙම ප්‍රදේශයට සමීපව තවමත් දිවි ගෙවති.

මෙම සංචාරයේදී අපට දැක ගැනීමට හැකිවූයේ ප්‍රදේශයේ නිවාස මෙන්ම, පෙර පාසල , කතෝලික දේවස්ථානය, සත්ව ගොවිපල, වගාබිම් ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති අයුරුය.

දිට්වා සුළි කුණාටුවත් සමග ජලශ වාන්දැමීමත් සමග විල්ලු පද්ධතිවල ජල මට්ටම වැඩි වීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

වනාතවිල්ලුව ආශ්‍රිත විල්ලු 9 ජල මට්ටම මෙලෙම වැඩිවී ඇති අතර නිවාස මෙන්ම වගා බිම් ද ජලයෙන් යටවී ඇතැයි, වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් බීබීසී සිංහල වෙත කියා සිටියේය

මෙම විල්ලුව ආශ්‍රිත ප්‍රදේශය මේවන විට පදිංචියට නුසුදුසු බවද ඔහු පැවසීය.

වාර්තාකරණය: සම්පත් දිසානායක

කැමරාකරණය : ප්‍රසාද් පූර්ණමාල්

සංස්කරණය : ෂර්ලි උපුල් කුමාර