ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී කලහකාරී සිදුවීම්: නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

Sri Lanka attacks 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සඳුදා ක්‍රියාත්මක වූ මුස්ලිම් විරෝධී කලහකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට පැවසුවේ, නාමල් කුමාර වරකපොල ප්‍රදේශයේදීත්, අමිත් වීරසිංහ තෙල්දෙණිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බවය.

අඟහරුවාදා (මැයි 14) පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් මූලස්ථානය පත් කර ඇති පොලිස් අධිකාරීවරයකුගේ අධික්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් මගිනි.

Namal Kumara
ඡායාරූප ශීර්ෂ වැකිය, නාමල් කුමාර

එක්සත් ජාතීන්ගේ සංවිධානය

"ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම පුද්ගලයෙකු ම එකිනෙකාට ගරු කළ යුතු," බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"රටේ සියලු පාර්ශව මෙම වෛරී ප්‍රහාරයන් නතර කිරීමට ක්‍රියා කළ යුතු" බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවට පනවා තිබූ ඇඳිරි නීතිය ප්‍රදේශ කිහිපයක් හැර අනෙක් ප්‍රදේශවලින් ඉවත් කර තිබේ. සඳුදා (මැයි 13) ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ කලහකාරී සිද්ධි හේතුවෙන් ඇඳිරි නීතිය පනවන ලදී.

පොලිසිය පවසන්නේ, වයඹ පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බවය.

සඳුදා සිද්ධිවලදී මුස්ලිම් දේවස්ථාන කිහිපයකට සහ වෙළෙඳසල් කිහිපයකට අලාභහානි සිදු වී තිබුණු අතර එක් පුද්ගල මරණයක් ද වාර්තා විය.

කලහකාරී සිද්ධි පාලනය කිරීම සඳහා ඇතැම් ප්‍රදේශවලදී අහසට වෙඩි තැබීමට ද පොලිසියට සිදු විය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Sri Lanka attacks 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පසුව යම් නොසන්සුන් තත්ත්වයක් වාර්තා විය.

"කලහකාරී පුද්ගලයින්ට එරෙහිව නීතියේ බලය පෙන්වන්න සූදානම්"

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න පැවසුවේ, කලහකාරී පුද්ගලයින්ට එරෙහිව "නීතියේ බලය කුමක් ද යන්න පෙන්වීමට සිදු වන," බවය.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න

"රට අරාජික කිරීමට කිසිසෙත් ඉඩ ලබා නොදෙන," බවත් සිදු කරන "කඩාකප්පල්කාරී හා අන්තවාදී ක්‍රියා වහා ම මේ මොහොතේ සිට නතර කළ යුතු බවත් ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ලෙස අවවාද කරමින් අනතුරු අඟවනවා," යනුවෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

"මෙම සිදුවීම්වලදී පොලීසිය ඉතා ඉවසීමෙන් ක්‍රිය කළා. නමුත් සුළු අන්තවාදී කොටසක් කලහාකාරී ලෙස හැසිරෙමින් ක්‍රියා කරන බව පේනවා. පොලීසිය ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම, පොලීසියේ දුර්වලතාවක් ලෙස සිතනවා නම් මොවුන්ට සිදු වූ විශාල වරදක් බව කියන්නට කැමතියි."

"නිරායුධ සාමකමී සමාන්‍ය ජනතව බිය ගන්වමින් රට අරාජික කිරීමට කිසිසේත් අප ඉඩ දෙන්නේ නෑ. මෙලෙස අන්තවාදීව ක්‍රියා කරන පුද්ගලයින්ගේ ඥාති හිතමිතුරන්ටත් මේ අවස්ථාවේ දැනුම් දෙනවා, තමන්ගේ ඥාතිවරයාට හා හිතවතාට මේ තත්ත්වය පැහැදිලි කර දෙන්න කියලා. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා පොලීසියට සිදු වෙනවා, නීතියේ බලය පාවිච්චි කිරීම මොකක් ද කියන එක, මේ සුළු පිරිසට පෙන්වන්න."

මේ අතර, සාමකාමීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට පවතින උණුසුම් තත්ත්වය බාධාවක් විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"තත්ත්වය සාමකාමීයි"

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු
ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසුවේ, පැවති කලහකාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බවය.

යළිත් කලහකාරී තත්ත්වයක් ඇති නොවීම සඳහා ආරක්ෂක හමුදා සහ පොලිසිය එක්ව ක්‍රියා කරන බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ තොරතුරුද කියවන්න:

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබිණි.

ට්විටර් පණිවුඩයක් පළ කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉල්ලා ඇත්තේ, "ලජ්ජාසහගත, බෙදුම්වාදී න්‍යාය පත්‍රයන්ට හසු නොවන" ලෙසය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

අන්තවාදී සංවිධාන තුනක් තහනම් කෙරේ

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය සඳුදා නිකුත් කෙරිණි.

මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කළ බව රජය පවසයි.

එම සංවිධාන තුන වන්නේ,

  • නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ)
  • ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි)
  • විලයාත් අස් සෙයිලානි
අන්තවාදී සංවිධාන තුනක් තහනම් කෙරේ

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සෙවීමට ජනතා සහය පතයි

මේ අතර, පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා ගැනීමට පොලිස් මූලස්ථානය මහ ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකරුවන් සම්බන්ධයෙන් ඕනෑ ම තොරතුරක් දුරකතන අංක 011-2422176 / 011-2392900 ඔස්සේ පොලීසියට දැනුම් දිය හැකි බවය.

අදාළ සැකකරුවන්ගේ මුහුණු සිතුවම් පහත දැක්වේ.

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සෙවීමට ජනතා සහය පතයි

ඡායාරූප මූලාශ්‍රය, Www.army.lk

තවත් තොරතුරු: