BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
වීඩියෝ, දිට්වා සුළි කුණාටුවෙන් දින 50 කට පසුවත් ජලයෙන් යටවී ඇති ගමක්: 'අපි බයෙන් තමා මෙතන ජීවත් වෙන්නේ', ධාවන කාලය 4,43
දිට්වා සුළි කුණාටුවෙන් දින 50කට පසුවත් පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, සින්නනාගවිල්ලුව ගම්මානයේ කොටසක් තවමත් ජලයෙන් යටවී තිබේ.
කටාර්හි ඇමෙරිකානු හමුදා කඳවුරෙන් භට පිරිසක් ඉවත් කර ගැනීම මධ්‍යයේ මැද පෙරදිග සිදුවන්නේ කුමක් ද?
ඇමෙරිකානු නිලධාරීන් පවසන්නේ එය "පූර්වාරක්ෂාව සඳහා ගත් පියවරක්" බවත්,ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව පියවර ගත යුතුද යන්න ගැන සලකා බලමින් සිටින අතරවාරයේ මෙම පියවර ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේදී නිරෝධා නිවුන්හැල්ල ඝාතනයට සැකකරු අධිකරණයේදී වරද පිළිගනී
නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල නොහොත් නිරෝධා ලෙස හඳුන්වනු ලබන, 32 හැවිරිදි කාන්තාව 2025 අගෝස්තු 21 වන දින රිවර්සයිඩ් හි දකුණු මෝගන් හිදී ඝාතනය කොට තිබුණි. නිරෝධාගේ මව මීට පෙර බීබීසී සිංහල වෙත පැවසූ පරිදි ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සමග ඇය විවාහ වී ඇත්තේ, 2017 වසරේදී ය. ඔවුන් 2022 වසරේ බ්‍රිතාන්‍යය බලා ගොස් තිබිණි.
1979 විප්ලවයෙන් පසු ඉරාන පාලකයින් මුහුණ දෙන විශාලතම අභියෝගය ගැන විමසා බැලීමක්
ඉරාන පාලකයෝ 1979 විප්ලවයෙන් පසු ඇති වූ බරපතළ ම අභියෝගයට මුහුණ දෙමින් සිටිති. ඔවුහු දැන් පෙර නොවූ විරූ පරිමාණයකින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිති. පෙර අර්බුදවලදී නොදුටු පරිමාණයකින් ආරක්ෂක හමුදා යොදවමින්, ඔවුන් දරුණු මර්දන ක්‍රියාමාර්ග මුදා හැර ඇති අතර ඉන්ටර්නෙට් ප්‍රවේශය මුළුමනින් ම අවහිර කර තිබේ.
මාරවිල නිවසක සේවය කළ කාන්තාවකගේ උදරයෙන් වීදුරු බෝතල් සොයා ගැනීම: සැකකරුවන්ට ස්ත්‍රී දූෂණ චෝදනා
පොලිසිය කාන්තාව සේවය කළ නිවසේ පැවති සාදයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනෙකු සහ නිවසේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. පසුව, තොරතුරු වසන් කිරීමේ චෝදනා යටතේ නිවසේ හිමිකාර කාන්තාවට ද, ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද චෝදනා එල්ල කරමින් ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් ජනවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කලාඔය පාලම මතදී සැඩ පහරට හසුවූ බස් රථයේ රියැදුරාට මිනී මැරුම් චෝදනා
අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
නායකත්ව තනතුරු දරන කාන්තාවන්ගේ භූමිකාවන් වෛරී සහගතව ප්‍රශ්න කෙරෙන්නේ ඇයි?
6 ශ්‍රේණිය සඳහා නිකුත් කළ මොඩියුලවල පැවති අඩුපාඩු හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට ද ඇතැම් පිරිස් පවසන අතර, බොහෝ දෙනෙකු ලිංගික නැමියාව, පුද්ගලික තෝරාගැනීම්, මෙන් ම අග්‍රාමාත්‍යවරිය කාන්තාවක් වීම යන්න ඉලක්ක කරගනිමින් විවිධ මතයක් සමාජ මාධ්‍ය වේදිකා තුළ හුවමාරු කරගන්නා ආකාරය දැකිය හැකි ය.
ධූරයෙන් නික්ම යන ඇමෙරිකානු තානාපති ජුලී චං ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ලෙස ධූරය භාරගත් ජුලී චංග් මෙරට සේවය කළ වසර 04ක කාලය තුළදී ඇයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් තිදෙනෙකු සමග කටයුතු කිරීමට සිදුවීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ සිය ධූර කාලය දැරූ සමයේදී ජුලී චංග් මෙරට තුළ වඩාත් අවධානයට ලක්වු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරිය බවට පත්විය.
වාහනයක් මිලට ගැනීමට පෙර ඔබ අනිවාර්යයෙන් ම දැනගත යුතු කරුණු 7ක්
"දේවාලෙකට - පන්සලකට යන්න කලින් වර්ක්ෂොප් එකකට අරගෙන ගිහිල්ලා ෆුල් චෙක්අප් එකක් කරලා බලන්න ඕන, මොනවා ද වාහනයේ තියෙන අඩුපාඩු, මට මේක මාස හයක්වත් එක දිගට දුවන්න පුළුවන් තත්ත්වෙක තියෙනවා ද කියලා."
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සිට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත දක්වා
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දේශීයව මෙන් ම ජාත්‍යන්තරව ද විවේචනයට ලක්වන නීතියක් ලෙස හැඳින්විය හැක. පැවති රජයන් විසින් එය අහෝසි කර නව නීති ගෙන ඒමට ගන්නා ලද උත්සාහයන් සාර්ථක නොවූ අතර එම නව කෙටුම්පත් ද විවේචනයට ලක් විය.
2026 වසරේ ආණ්ඩුව මුහුණ දෙන දැවැන්ත අභියෝග 10ක්
අභියෝග රැසක් මැද 2025 වසර ගෙවා දැමූ රජය 2026 වසරට පා තබන්නේ, තවත් අභියෝග රැසකට මුහුණ දෙමිනි. රටේ ඉදිරි පැවැත්ම මෙන් ම, රජයේ පැවැත්ම ද ඔවුන් එම අභියෝගවලට මුහුණ දෙන ආකාරය මත රඳා පවතිනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.






















































