T20 ලෝක කුසලානය: ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට ඉතා අසීරු තත්ත්වයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී හින්දි
- කියවීමේ කාලය: මිනිත්තු 4
සඳුදා (පෙබ: 23) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අතිශය ප්‍රහාරාත්මක පිතිකරණයක් දැක ගත හැකි විය.
ක්‍රීඩා පිටියේ සිටි නරඹන්නන්ට හයේ සහ හතරේ පහරවල් වාර්තාගත සංඛ්‍යාවක් දැක ගත හැකි විය.
ප්‍රේක්ෂකයින් අතර සිටි ඇතැම් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරණය රස වින්ද ද, ඔවුන් එල්ල කළ සෑම හතරේ සහ හයේ පහරක් ම මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ මාවත වඩාත් දුෂ්කර කරන බව ඔවුන් නොදැන සිටියා විය හැකි ය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 254ක් රැස් කළ අතර එය ජාත්‍යන්තර විස්සයි 20 තරග ඉතිහාසයේ දෙවන ඉහළ ම ලකුණු සංඛ්‍යාව යි.
මීට පෙර ශ්‍රී ලංකාව 2007 දී කෙන්යාවට එරෙහිව කඩුලු 6 කට ලකුණු 260ක් රැස් කර තිබිණි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 107ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අතර, මේ හේතුවෙන් ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ මාවත ඉතා දුෂ්කර වී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
සුපිරි-8 අදියරේදී, පළමු කාණ්ඩයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් ඇතුළත් වේ.
මෙම කණ්ඩායම් 4 ම එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාව සහ සිම්බාබ්වේ එක් පරාජය බැගින් ලබා ඇත.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 5.35ක ශුද්ධ ලකුණු අනුපාතයක් (NRR) සමග පළමු කාණ්ඩයේ ඉහළින් ම සිටියි.
දෙවන ස්ථානයේ පසුවන්නේ, ශුද්ධ ලකුණු අනුපාතය 3.80ක් ලබා සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම යි.
ඉන්දියාව -3.80 ක ශුද්ධ ලකුණු අනුපාතයක් සමග තුන්වන ස්ථානයේ සිටින අතර සිම්බාබ්වේ -5.35ක් සමග අවසාන ස්ථානයේ පසුවේ.
අවසන් පූර්ව වටයට යාම ඉන්දියාවට දුෂ්කර ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශුද්ධ ලකුණු අනුපාතය ඉන්දියාවේ ඉදිරි මාවත ඉතා දුෂ්කර කර ඇත.
දැන් ඉන්දියාවට ඔවුන්ගේ ඉදිරි තරග දෙක ම (බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේට එරෙහිව) ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වන නමුත්, අවසන් පූර්ව වටයට පිවිසීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. අනෙකුත් සාධක ද ඉන්දියාවට පක්ෂ ලෙස තිබිය යුතු ය.
"ඉන්දියාවට අර්ධ අවසන් පූර්ව වටයට එන්න ලැබෙන්නේ අහමදාබාද්වලදී දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළොත් පමණ යි. දකුණු අප්‍රිකාව පැරදුණොත්, සිම්බාබ්වේ, කරුණාකර දකුණු අප්‍රිකාව පරාජය කරන්න කියලා අපි යාච්ඤා කළ යුතු යි. ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව තරග දෙක ගාණෙ ජයග්‍රහණය කළොත්, ශුද්ධ ලකුණු අනුපාතය බෙහෙවින් අඩු නිසා ඉන්දියාවට අවසන් පූර්ව වටයෙන් ඉවත් වෙන්න වෙනවා," හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආකාෂ් චොප්රා පවසයි.
ක්‍රිකට් විශේෂඥයින් විශ්වාසය පළ කරන්නේ, මෙම තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ ද ඔවුන්ට දකුණු අප්‍රිකාව පරාජය කිරීම ඉතා අපහසු වනු ඇති බව ය.
ඒ සමග ම, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වත්මන් දක්ෂතා සලකා බලන විට, දකුණු අප්‍රිකාවට ඔවුන් පරාජය කිරීම පහසු නොවනු ඇත.
මෙම තරගාවලිය පුරාවට ආධිපත්‍යය දරන්නේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි.
ඔවුන් ස්කොට්ලන්තය ලකුණු 35කින්, එංගලන්තය ලකුණු 30කින්, නේපාලය කඩුලු 9කින්, ඉතාලිය ලකුණු 42කින් සහ සිම්බාබ්වේ ලකුණු 107කින් පරාජය කර තිබේ.
"බටහිර ඉන්දීය කොදෙව්වන් සැමට ම ඉතා ප්‍රබල පණිවිඩයක් ලබා දීල තියෙනවා," ක්‍රිකට් විශේෂඥ හර්ෂා බෝග්ලේ ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබා ඇත.
"බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේට එරෙහිව තරග ඉන්දියාව අනිවාර්යෙන් ම ජයග්‍රහණය කළ යුතු යි. ඒ වගේ ම, දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළහොත්, ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න පුළුවන්. නමුත් කණ්ඩායම් තුන ම තරග දෙක බැගින් ජයග්‍රහණය කළහොත්, ඉන්දියාව ශුද්ධ ලකුණු අනුපාතයෙන් බොහෝ පසුපසින් සිටින නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වෙන්න සිදුවේවි," ක්‍රීඩා මාධ්‍යවේදී වික්‍රාන්ට් ගුප්තා Xහි සටහනක් තබමින් පැහැදිලි කර තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාව පරාජය කරනු ලැබුවහොත්, තරගාවලියේ රැඳී සිටීමට ඉන්දියාවට ඇති අවස්ථා සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇත.
එයින් අදහස් කරන්නේ ඉන්දියාව ඉතිරිව ඇති සුපිරි 8 දෙනාගේ වටයේ සෙසු තරග ජයග්‍රහණය කළ ද අනෙකුත් තරග ප්‍රතිඵල මත ඔවුන්ගේ ඉදිරි ගමන රඳා පවතින බව ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
සිය පළමු සුපිරි 8 දෙනාගේ තරගයේදී ඉන්දියාව, දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 76ක දැවැන්ත පරාජයකට පත් විය.
විස්සයි 20 තරගයකදී ඉන්දියාව ලැබූ විශාලතම පරාජය එය යි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ ශුද්ධ ලකුණු අනුපාතය -3.80 දක්වා පහත වැටිණි. මෙම දැවැන්ත පරාජය ඉන්දියාව අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමා ඇති අතර, ඉතිරි තරග දෙකේ ජයග්‍රහණ පවා අවසන් පූර්ව වටයේ ස්ථානයක් ඔවුන්ට සහතික නොකරනු ඇත.






























