2023 ක්‍රිකට් ලෝක කුසලානය: ඕස්ට්‍රේලියාව ජයගනී

ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැත්වුනේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදීය. තරගය නැරඹීම සඳහා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් පිරිස ලක්ෂයකට අධිකය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බිලියන 1.4ක් වු ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව (නොවැම්බර් 19 වැනිදා) සමත් විය.

මෙවර අවසන් මහ තරගය දක්වා අපරාජිතව පැමිණි ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව විසින් කඩුලු 6 කින් පරාජය කරනු ලැබුවේ ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් පමණක් නොව සමස්ත ඉන්දියාවම නිහඬ කරවමිනි.

ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ඕස්ට්‍රේලියාව විසින් ඉන්දියාව පරාජයට පත් කළ දෙවන අවස්ථාව මෙය වේ.

බිලියන 1.4ක් වු ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව අද (නොවැම්බර් 19 වෙනිදා) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැත්වුනේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදීය. තරගය නැරඹීම සඳහා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් පිරිස ලක්ෂයකට අධිකය.

ලෝක කුසලාන අවසන් මහ තරගය ආරම්භ වීමට පෙර විශේෂ ප්‍රසංගයක් ද සංවිධානය කර තිබු අතර එයට ගුවන් සංදර්ශණයක් ද එක්කර තිබුණි.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් විසින් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන ලදී.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අවසන් මහා තරගය නැරඹීමට එක්ව සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අවසන් මහා තරගය නැරඹීමට එක්ව සිටියේය.

ඉන්දීය කණ්ඩායමේ කැළඹුණු ආරම්භය

මෙවර ලෝක කුසලාන තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයට අද තරගයේදී හොඳ සම්බන්ධතාවයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුණි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දු වාර 4යි පන්දු 02කදී ලකුණු 30ක් වන විට ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ලකුණු 4 කට දවා ගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත් විය.

ගිල් ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි විරාත් කෝලි සමග එක්වූ රෝහිත් ෂර්මා සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණයේ නිරත විය.

ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණි.

කෙසේ වුවද ඉන්දීය ඉනිමේ 10 වන පන්දු වාරයේදී ග්ලෙන් මැක්ස්වෙල් විසින් පන්දු 31 කදී ලකුණු 47ක් රැස් කරගෙන සිටි රෝහිත් ෂර්මා දවා ගැනීමට සමත් විය.

රෝහිත් ෂර්මා ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ෂෙරෙස් අයියර් ලකුණු 04 කට දවා ගැනීමට පැට් කමින්ස් සමත් වූ අතර ඉන්දීය ලකුණු පුවරුව ඒ වන විට දිස්වුයේ පන්දු වාර 10 යි පන්දු 02 කදී ලකුණු 81 කට කඩුලු 03 ලෙසයි.

රෝහිත් ෂර්මා ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ෂෙරෙස් අයියර් ලකුණු 04 කට දවා ගැනීමට පැට් කමින්ස් සමත් වූ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහිත් ෂර්මා ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ෂෙරෙස් අයියර් ලකුණු 04 කට දවා ගැනීමට පැට් කමින්ස් සමත් විය

ඉන්දියාවට එල්ලවූ අභියෝගය

ලකුණු 81 කට කඩුලු 3ක් දැවී ගොස් තිබු ඉන්දීය කණ්ඩායමට ශක්තියක් ගෙන ඒමට විරාත් කෝලි සහා කේ.එල්. රාහුල් සමත් විය.

ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ගේ පීඩනය හමුවේ කෙටි ලකුණු රැස් කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය.

අද තරගයේදී ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් සිය පන්දු යවන්නන්ට අනගි සහයක් ලබා දෙමින් දක්ෂ පන්දු රැකීමක නිරත විය.

ඔවුන්ගේ දක්ෂතාවය හේතුවෙන් අද තරගයේදී ඉන්දීය පිතිකරුවන්ට හතරේ පහරක් එල්ල කිරීමට නොහැකිවූ ආකාරය ගැන ජාත්‍යන්තර විස්තර විචාරකයින් ගේ පවා අවධානයට යොමු විය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වුවද විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් විසින් ඉන්දීය කණ්ඩායමේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ විරාත් කෝලි අද තරගයේදී ද අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.

කෙසේ වුවද ඉන්දීය ඉනිමේ 29 වන පන්දු වාරයේදී නැවතත් ක්‍රියාත්මක වූ පැට් කමින්ස් විසින් ලකුණු 54ක් රැස් කරගෙන සිටි විරාත් කෝලි දවා ගැනීමට සමත් විය. ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 148ක් ලෙසයි.

කෝලි ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි රවින්ද්‍ර ජඩේජා සමග කේ.එල්. රාහුල් සෙමින් සෙමින් ලකුණු එක් කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය.

කෙසේ වුවද 36 වන පන්දු වාරයේදී ජෝෂ් හේසල්වුඩ් විසින් යැවු පන්දුවක් හමුවේ ලකුණු 09ක් රැස් කරගෙන සිටි රවින්ද්‍ර ජඩේජා දැවී ගියේය. ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වුයේ ලකුණු 178ක් ලෙසයි.

අද දිනයේදී ඉන්දීය කණ්ඩායම දෙවන අර්ධ ශතක ලාභියා බවට පත්වූ කේ.එල්. රාහුල් ලකුණු 66ක් රැස් කරගෙන සිටියදී මිචෙල් ස්ටාර්ක් ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඔහු දැවී යන විට ඉන්දීය ඉනිමේ ලකුණු සටහන දිස්වුයේ පන්දු වාර 41යි පන්දු 03 කට ලකුණු 203ක් ලෙසයි.

කෙසේ වුවද ඉන්දීය පිතිකරුවන්ට සිය ඉනිමේ අවසන් පන්දු වාර 10ය තුලදී අද රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 44ක් පමණි.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් පන්දු වාර 50ක් අවසානයේ දී ඉන්දීය ඉනිම ලකුණු 241 කට සීමා කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් පන්දු වාර 50ක් අවසානයේ දී ඉන්දීය ඉනිම ලකුණු 241 කට සීමා කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් පන්දු වාර 50ක් අවසානයේ දී ඉන්දීය ඉනිම ලකුණු 241 කට සීමා කිරීමට සමත් විය.

ඉන්දියාවේ තර්ජනයට යටත්වූ ලකුණු හඹා යාම

ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය පළමු පන්දු වාරයේදී ලකුණු 15ක් රැස් කරන ලදී.

නමුත් දෙවන පන්දු වාරයේදී මොහොමඩ් සාමි ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් ලකුණු 07 කට දැවී ගියේය.

ඉන්දීය පන්දු යවන්නන් විසින් ඕස්ට්‍රේලියාවේ මෙචෙල් මාෂ් සහ ස්ටීව් ස්මිත් ගේ කඩුලු දෙක ඉක්මණින් දවා ගැනීමට සමත් විය.

ඒ වන විට ඕස්ට්‍රේලියානු ඉනිම දැක්වුයේ පන්දු වාර 07ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 47ක් ලෙසයි.

ට්‍රැවිස් හෙඩ් සහ මානෙෂ් ලබුෂේන් ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් වුයේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක සබඳතාවයක් එක් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රැවිස් හෙඩ් සහ මානෙෂ් ලබුෂේන් ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් වුයේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක සබඳතාවයක් එක් කරමිනි.

ඕස්ට්‍රේලියාව ගලවා ගත් සබඳතාවය

සිය කණ්ඩායමේ කඩුලු 3ක් දැවී යාමෙන් පසු ඉන්දීය පන්දු යවන්නන් ගේ පිඩනයට හසුවී සිටියදී ට්‍රැවිස් හෙඩ් ඉතා අලංකාර ඉනිමක් ක්‍රීඩා කරමින් ලෝක කුසලාන අවසන් මහා තරගයක ශතකයක් රැස් කිරීමට සමත් විය.

ට්‍රැවිස් හෙඩ් සහ මානෙෂ් ලබුෂේන් ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් වුයේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක සබඳතාවයක් එක් කරමිනි.

ඔවුන් දෙදෙනා විසින් සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු එම සබඳතාවය ලෝක කුසලාන අවසන් මහ තරගයකදී වාර්තා වූ දෙවන ඉහළම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

‍කෙසේ වුවද ට්‍රැවිස් හෙඩ් ලකුණු 137 ක් රැස් කරමින් සිටියදී දැවී ගියේය. ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ලකුණු හඹා යාමේදී ශතකයක් රැස් කළ දෙවන පිතිකරු ලෙස ඔහු ඉතිහාසයට එක්විය.

මීට පෙර එම දස්කම දක්වා තිබුණේ 1996 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අරවින්ද ද සිල්වා යි.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 137 ක් රැස් කරමින් සිටියදී දැවී ගියේය. ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ලකුණු හඹා යාමේදී ශතකයක් රැස් කළ දෙවන පිතිකරු ලෙස ඔහු ඉතිහාසයට එක්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රැවිස් හෙඩ් ලකුණු 137 ක් රැස් කරමින් සිටියදී දැවී ගියේය. ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ලකුණු හඹා යාමේදී ශතකයක් රැස් කළ දෙවන පිතිකරු ලෙස ඔහු ඉතිහාසයට එක්විය.

ඕස්ට්‍රේලියාව පන්දු වාර 43ක් අවසානයේ දී කඩුලු 04ක් දැවී සිය ඉලක්කය පසුකර යාමට සමත් විය.

ලකුණු හඹා යාමේදී ට්‍රැවිස් හෙඩ්ට අනගි සහයක් ලබා දෙමින් මානෙෂ් ලබුෂෙන් නොදැවී ලකුණු 58ක් රැස් කළේය.

ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කරන අවස්ථාවේදී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ රැස්ව සිටි විශාල ප්‍රේක්ෂක ජනකායකගෙන් පිරි තිබු ප්‍රේක්ෂකාගාරයේ ආසන රැසක් හිස්ව තිබෙන අයුරු දක්නට ලැබුණි.

බීබීසි ක්‍රිකට් වාර්තාකරණය සමග එක්වූ ජෙෆ් ලීමන් පැවසුවේ මෙම ප්‍රතිඵලය ගැන තමන් පුදුමයට පත්වන බවයි.

"මම පුදුම වෙනවා. අද අපි මේ ප්‍රතිඵලය බලාපොරොත්තු වුණේ නැහැ."

"එය පැහැදිලිවම ඔස්ට්‍රේලියාව ලැබූ විශිෂ්ටතම ලෝක කුසලාන ජයග්‍රහණයයි." ජෙෆ් ලීමන් පැවසීය.

එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මයිකල් වෝගන් සඳහන් කළේ ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ රටේදී ලද මෙම ජයග්‍රහණය සුවිශේෂී එකක් බවයි.

"එය මා දැක ඇති ඇදහිය නොහැකි ලෝක කුසලාන ජයග්‍රහණයක්."

"ශ්‍රේෂ්ඨ කණ්ඩායමක් වන ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගාවලියේ සත්කාරකත්වය දරණ රටේ කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම උපායශීලී අයුරින් නිවැරදිව ක්‍රීඩා කළා" යැයි ඔහු පැවසීය.

එමෙන්ම මොහොමඩ් සිරාජ්, කේ.එල්. රාහුල් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් රැසක් වේදනාබර මුහුණින් යුක්තව සිටින අයුරු දක්නට ලැබුණි.

ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුබපැතුම් එක් කර තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

අවසන් මහ තරයේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් ද, තරගාවලියේ වීරයා ලෙස විරාත් කෝලි ද සම්මාන හිමිකර ගත්හ.

තරගය අතර මැද සිදුවූ විශේෂ සිදුවීම

ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පලස්තීනයට සහය පළකරමින් තණතීරු ආක්‍රමණිකයෙකු නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් පිටියට පැමිණීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවදානය යොමු විය.

“Free Palastine” ලෙස සටහන් වූ ටීෂර්ටයක් හැඳ සිටි එම තරුණයා කොළ, රතු, සුදු සහ කළු ආවරණයකින් සිය මුහුණ ආවරණය කර ගෙන සිටි අතර ඔහු පිටියේ පන්දුවට පහර දෙමින් සිටි විරාත් කෝලි අසලට පැමිණියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, “Free Palastine” ලෙස සටහන් වූ ටීෂර්ටයක් හැඳ සිටි එම තරුණයා පන්දුවට පහර දෙමින් සිටි විරාත් කෝලි අසලට පැමිණියේය.

“Free Palastine” ලෙස සටහන් වූ ටීෂර්ටයක් හැඳ සිටි එම තරුණයා කොළ, රතු, සුදු සහ කළු ආවරණයකින් සිය මුහුණ ආවරණය කර ගෙන සිටි අතර ඔහු පිටියේ පන්දුවට පහර දෙමින් සිටි විරාත් කෝලි අසලට පැමිණියේය.

ඉන් පසුව එම ස්ථානයට පැමිණි ආරක්ෂක බලධාරීන් විසින් එම තරුණයාව අත්අඩංගුවට ගන්නා ලදී.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන - පිලිපීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතික තරුණයෙකි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 3

එලෙස ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයා ගෙන් ඉන්දියාවේ ANI පුවත් සේවය නගන ලද ප්‍රශ්න කිහිපයකට ඔහු විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

මාධ්‍යවේදීයා : ඔබ ඇයි පිටියට කඩා වැදුණේ ?

තරුණයා : ප්‍රෑන්ක් එකක් කරන්න.

මාධ්‍යවේදියා : ඔබේ රට කුමක්ද ?

තරුණයා : ඕස්ට්‍රේලියාව

මාධ්‍යවේදියා : ඔබේ නම කුමක්ද ?

තරුණයා : මගේ නම වේයින් ජොන්සන්.

මාධ්‍යවේදියා : ඇයි ඔබ පිටියට ඇතුල්වුණේ ?

තරුණයා : විරාත් කෝලිව මුණ ගැසෙන්න.

මාධ්‍යවේදියා : ඇයි ඔබ පලස්තීන ටීෂර්ටයක් පැළඳ සිටින්නේ ?

තරුණයා : මොකද පලස්තීනයේ පවතින යුද්ධය නිසා. මම ඔවුන්ට සහය පලකරනවා. එය නතර කළ යුතුයි.

අත්අඩංගුවට ගන්නා ලද තරුණයා මේ වන විට අහමදාබාද් හි පිහිටි Chandkheda පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.