‘මුත්තයියා මුරලිදරන් කියනවා නම් ක්‍රිකට් එක හදන්න බැහැ කියලා මම කවුද’?
‘මුත්තයියා මුරලිදරන් කියනවා නම් ක්‍රිකට් එක හදන්න බැහැ කියලා මම කවුද’?
ශ්‍රී ලංකාවේ බිහිවු විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් මෙරට ක්‍රිකට් ක්‍රිඩාව ගොඩනැගිය නොහැකි බව පවසන්නේ නම්, ඊට පරස්පර අදහස් දැක්වීමට තමා කවුදැයි ප්‍රවීණ ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.
බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියේය.
“මුත්තයියා මුරලිදරන් ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරලා. විකට් 800ක් අරගෙන ලෝකයට ශ්‍රී ලංකාව අරගෙන ගිහිල්ලා, ශ්‍රී ලංකාවට ගොඩක් ජයග්‍රහණ ලබා ගැනීමට දායක වුණු ක්‍රීඩකයෙක් ..මම කවුද? මට පුළුවන්ද ඔහුගේ අදහසට පරස්පර අදහසක් යොමු කරන්න” ඔහු පැවසීය.
කෙසේ නමුත් අනාගතයේදී ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ අති දක්ෂ ක්‍රීඩකයින් බිහිවනු ඇති බවට තමා විශ්වාස කරන බවද ඔහු අවධාරණය කළේය.







