Timed Out: ක්‍රීඩාවේ මහත්මා ගුණය හා නීතීය අතර දෝලනය වූ මැතිව්ස්ගේ දැවි යාම

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් " Timed out" දවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි සංවාදයක් මතුව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකටම වස්තු බීජ සැපයු තරගාවලියක් බවට මේවන විට පත්ව ඇත.

විනිසුරුවරුන් විසින් ලබාදුන් තීරණ මෙන්ම, DRS තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අවස්ථා සම්බන්ධයෙන් තරගාවලියේදී අවස්ථා කිහිපයකදී ප්‍රේක්ෂක මෙන්ම විචාර අවදානය යොමු විය.

එම සිදුවීම් අතරට (නොවැම්බර් 6 වැනිදා) ශ්‍රී ලංකාව සහ බංගලාදේශය තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් " Timed out" දවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි සංවාදයක් මතුව ඇත.

මෙම දැවී යාමේ තීරණයට ප්‍රතිචාර දක්වමින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින්, විස්තර විචාරකයින් සහ ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබුණි.

මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු පළමු පෙළේ ක්‍රිකට් තරගවලදී පිතිකරුවන් මෙවැනි අවස්ථා හයකට මුහුණ දී ඇත.

මෙම නීතිය භාවිතා කරන ලද හත්වන අවස්ථාව ශ්‍රී ලංකා - බංගලාදේශය තරගය වන නමුත් ජාත්‍යන්තර සහ සීමිත ඕවර ක්‍රිකට් තරගවලදී ක්‍රිඩකයෙක් දැවී ගිය පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර සියලුම අවස්ථා දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවල සිදු විය.

මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු පළමු පෙළේ ක්‍රිකට් තරගවලදී පිතිකරුවන් මෙවැනි අවස්ථා හයකට මුහුණ දී ඇත.

මැතිව්ස් ගේ දැවී යාම පිළිබඳ MCC මතය

කෙසේ වුවද ක්‍රිකට් තරග නීති සම්පාදනය කරන මාලීබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ඇන්ජලෝ මැතිව්ස්ගේ එම දැවී යාම සම්බන්ධයෙන් සිය නිගමනය පැහැදිලි කිරීම සිදුකර ඇත.

  • නීතිය සහ තරග කොන්දේසි පැහැදිලි කිරීම

මාලිබෝන් ක්‍රිකට් සමාජය පෙන්වා දෙන්නේ ක්‍රීඩා නීති අභිබවා ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබන තරග කොන්දේසි මෙහිදී බලාත්මක වන බවයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නීතිය සහ ICC ක්‍රීඩා කොන්දේසි දෙකෙහිම වචන වෙනත් ආකාරයකින් සමාන වන අතර, ක්‍රීඩා කිරීමේ කොන්දේසි අදාළ වේලාව මිනිත්තු තුනේ සිට මිනිත්තු දෙක දක්වා වෙනස් කර තිබෙන බව ද ඔවුන් පෙන්වා දී ඇත.

MCC නීතියට අනුව එහි 40.1.1 වගන්තියේ මෙසේ සඳහන් වේ : " කඩුල්ලක් දැවී යාමෙන් පසු පැමිණෙන පිතිකරුවා හෝ පිතිකරුවෙකු විශ්‍රාම ගැනීමෙන් පසු නියමිත වේලාවට කැඳවනු ලබන පිතිකරුවා පන්දුවට මුහුණ දීම සඳහා මිනිත්තු 3 ක් ඇතුළත සූදානම් විය යුතුය. මෙම අවශ්‍යතාවය සපුරා නොමැති නම්,පැමිණෙන පිතිකරු දැවී ගිය අයෙක් ලෙස හෙවත් 'Timed out' ලෙස දැක්විය හැක."

ඒ අනුව නීතියේ ප්‍රධාන කොටස වන්නේ පිතිකරුවා ‘පන්දුව පිළිගැනීමට සූදානම්ව සිටිය යුතුය’ යන්නයි. 'Timed out ' වීම වැළැක්වීමට පිටියේ සිටීම හෝ කඩුල්ල අසල සිටීම ප්‍රමාණවත් නොවේ. පන්දු යවන්නාට නියමිත කාලය තුළ පන්දු යැවීමට හැකි වන පරිදි පිතිකරු ස්ථානගත වී තිබිය යුතුය යන්න එහි සඳහන් වේ.

  • මැතිව්ස් ගේ දැවී යාම පිලිබඳ පැහැදිලි කිරීම

නීතියේ සඳහන් වන එම මිනිත්තු දෙකක කාලය තුළ පන්දුවට මුහුණදීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම් නොමැති බව පිටියේ සිටි විනිසුරුවරු තීරණය කරන ලදී. පසුව මැතිව්ස් ගේ හිස්වැස්මේ ගැටලුවක් ඇති වූ අතර එය ඔහු පන්දුවට පහරදීම තවදුරටත් ප්‍රමාද වීමට හේතු වූ බව එම පැහැදිලි කිරීම මගින් කියයි.

මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙන්නේ මිනිත්තු දෙකක කාලය තුළ සැලකිය යුතු, යුක්ති සහගත, ක්‍රීඩා උපකරණ සම්බන්ධ දෝෂයක් ගැන විනිසුරුවන්ට දැනුම් දුන්නේ නම්, ඔවුන්ට එය නව ආකාරයේ ප්‍රමාදයක් ලෙස සැලකිය හැකිව තිබු බවයි. (උදාහරණයක් ලෙස පිතිකරුවෙකුගේ පිත්තක් කැඩෙන විට ඔවුන් ඒ සම්බන්ධයෙන් පිටියේ විනිසුරු දැනුවත් කිරීම මෙන්).

එමගින් විනිසුරුවරුන්ට පිතිකරුවාගේ එම ගැටලුව පිලිබඳව වන කාලය, ' Timed out' දැවී යාමේ අවදානමකින් තොරව විසඳීමට ඉඩ සලසන බව වැඩිදුරටත් පැහැදිලි කර සිටියි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී පිටියේ සිටි විනිසුරුවන් දෙදෙනාම ප්‍රමාදය සිදු වූයේ මිනිත්තු දෙකක කාලය අවසන් වීමෙන් පසුව බව තීරණය කරන ලදී.මැතිව්ස් විසින් ඉදිරිපත් කළ අභියාචනයට පෙර ඔහු පන්දුවට පහරදීම සඳහා වන නියමිත මිනිත්තු 02ක වේලාව අවසන්ව තිබු බව සැලකිල්ලට ගැනීම වැදගත් බව එහි සඳහන් කරයි.

එමෙන්ම පිටියේ යාර 30 සීමාවට පැමිණීමට මැතිව්ස්ට තත්පර 90 කට වඩා ගත වූ අතර , අවසන් යාර කිහිපයේදී කඩුල්ල වෙත දිව යාමට ඔහුට කාලය මදි බව පෙනී ගිය බව MCCය සඳහන් කර සිටියි.

මැතිව්ස් ගේ හිස්වැසුමේ දෝෂය ඇති බවට නිරීක්ෂණය වුයේ ඊට පෙර කඩුල්ල බිඳ වැටී මිනිත්තු 1 යි තත්පර 54 කට පසුව බව පෙන්නුම් කර ඇති බවත් ඔහු එම අවස්ථාවෙහිදී පන්දුව පිළිගැනීමට සුදානම් වීමක් හෝ සිය සීමා ඉර සලකුණු කිරීමක් සිදුකර නොමැති බවත් මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙයි.

ආරක්‍ෂිත හිස්වැසුම් කැඩී ගිය විට, මැතිව්ස් නව හිස්වැසුමක් ලබා ගැනීමේදී ක්‍රීඩකයෙකු විසින් බලාපොරොත්තු වන විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කිරීමක් නොකළ බව පෙනී යන බව ද MCC ය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ වෙනුවට, මැතිව්ස් ආදේශකයක් සඳහා ක්‍රීඩාගාරයට සංඥා කළේය. ඔහු සිදු වූ දෙය විනිසුරුවන්ට පැහැදිලි කර එය නිරාකරණය කර ගැනීමට කාලය ඉල්ලා සිටියේ නම්, ඔවුන් ඔහුට හිස්වැසුම වෙනස් කිරීමට ඉඩ ලබා දෙන්නට තිබු බවත් සමහර විට 'Timed out' නොවී සිටීමට ඉඩ තිබු බවත් එමගින් පෙන්වා දෙයි.

3.විනිසුරුවරුන්ගේ තීන්දුව නිවැරදිද ?

කාලය පිලිබඳ ඇතිවූ ගැටළු සහගතභාවය දැනුම් දී නොතිබීමත්, මැතිව්ස් විසින් අභියාචනය ඉදිරිපත් කරන වන විට මිනිත්තු දෙකකට වඩා වැඩි කාලයක් ගතවී තිබීමත් සැලකිල්ලට ගනිමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට විනිසුරුවන් නිවැරදිව කටයුතු කර ඇති බව මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙයි.

MCC ය පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන්ම, ක්‍රිකට් නීතියට අනුව විනිසුරුවන්ට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් මෙහිදී නොතිබු බව යි.

ක්‍රීඩා පිටියේ සිදුවුයේ කුමක්ද ?

සදීර සමරවික්‍රමගේ දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් එකඳු පන්දුවකට හෝ මුහුණ නොදී දැවී ගියේය.

පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරක්‍ෂිත හිස් වැසුමේ පටියක් ගැලවී යාම හේතුවෙන් ඔහු නව ආරක්‍ෂිත හිස්වැසුමක් ක්‍රීඩාගාරයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පන්දුවට පහරදීම ප්‍රමාද වුවායැයි ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන ලදී.ඒ ඔහු පන්දුවට පහරදීම සඳහා මිනිත්තු දෙකක කාලයකට වඩා කාලයක් ගතකළ බව පවසමිනි.

කෙසේ වුවද ඇන්ජලෝ මැතිව්ස් බංගලාදේශ කණඩායමේ නායක ෂකිබ් අල් හසන් ගෙන් සිය දැවී යාම පිළිබඳව කළ ඉල්ලීම ඉවත් කර ගන්නවාදැයි විමසුවිට ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

සිව්වන විනිසුරුවරයාගේ ගේ ප්‍රකාශය සහ මැතිව්ස්ගේ ප්‍රතිචාරය

මෙම දැවී යාම සම්බන්ධයෙන් ඊයේ තරගයේදී සිව්වන විනිසුරුවරයා ලෙස කටයුතු කළ ඒඩ්රියන් හෝල්ඩ්ස්ටොක් පසුව පැවසුවේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරක්ෂිත හිස්වැසුමේ පටිය ගැලවී යාමට පෙර ද ඔහු පන්දුවට පහරදීමේ සුදානමකින් පසු නොවූ බවයි.

"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිය අනුව දක්වා තිබෙනවා පිතිකරුවෙකු දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණෙන ක්‍රීඩකයා මිනිත්තු දෙකක කාලයක් තුළදී පන්දුව පිළිගැනීමට සුදානම් විය යුතුයි කියලා. එම කාලය සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා අවධානයෙන් පසුවනවා. නමුත් මෙම සිදුවීමේදී පිතිකරුවා ඔහුගේ ආරක්‍ෂිත හිස්වැසුමේ ගැටලුව ඇතිවන විටදීත් පන්දුවට පහරදීමට සුදානම්ව සිටියේ නැහැ." යැයි ඔහු පවසා සිටියේය.

කෙසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ X ගිණුමේ පළකර තිබු පුවතකට ප්‍රතිචාර දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබුණේ සිව්වන විනිසුරුවරයා විසින් කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි.

"4 වැනි විනිසුරු මෙතන වැරදියි! වීඩියෝ සාක්ෂි පෙන්නුම් කරන්නේ හෙල්මට් එක දුන්නට පස්සෙත් මට තව තත්පර 5ක් තිබුණා කියලයි! කරුණාකර 4 වැනි විනිසුරුට මෙය නිවැරදි කළ හැකිද? මම කියන්නේ ආරක්ෂාව ප්‍රධානයි. මොකද මට හෙල්මට් එක නැතුව පන්දු යවන්නාට මුහුණ දෙන්න බැහැ." යැයි මැතිව්ස් මෙහිදී පවසා සිටියි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

මොකක්ද මේ ‘Timed out’ නීතිය ?

ක්‍රිකට් නීති සකස් කරනු ලබන මාලිබෝන් ක්‍රිකට් සමාජය විසින් සඳහන් කර ඇති 40.1 නීතියට අනුව පිතිකරුවෙකු දැවී යාමෙන් හෝ විශ්‍රාම ගැනීමෙන් පසු පිටියට පැමිණෙන අනෙක් පිතිකරු මිනිත්තු 3 ක් ඇතුළත තණතීරුවට පැමිණ ඊළඟ පන්දුවට මුහුණ දීම හෝ ඔහුගේ ඉනිම ලබාගෙන සූදානම් විය යුතුය.

එසේ නොමැතිනම් පිතිකරුවා ‘Timed out’ නීතිය යටතේ දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ හැකියි.

කෙසේවුවද මෙම දැවී යාම පන්දු යවන්නා විසින් දවා ගනු ලැබූ කඩුල්ලක් ලෙස නම් නොකරන බවට ද එම නීතියේ සඳහන් වේ.

කෙසේ වුවද මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ සඳහන් වන නීතිය අනුව පිතිකරුවෙකුට ලබාදෙන ‘Timed out’ කාල සීමාව මිනිත්තු දෙකක් ලෙස දක්වා තිබේ.

උණුසුම් වූ දෙපිලේ ප්‍රතිචාරය

ඇන්ජලෝ මැතිව්ස්ගේ මෙම දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය. ලකුණු හඹා යාමට පැමිණි බංගලාදේශ පිතිකරුවන් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර වචන හුවමාරුවීම් සිදුවන අයුරු ද දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා - බංගලාදේශ තරගයේ ඇන්ජලෝ මැතිව්ස් විසින් ෂකිබ්ගේ කඩුල්ල දවා ගනු ලැබීම 'දෛවෝපගත පළිගැනීමක්' ලෙස ඇතැම් දේශීය ප්‍රේක්ෂකයින් හඳුන්වා දී තිබුණි.

ඊට සාක්ෂි සපයමින් ෂකිබ් පිටියෙන් ඉවත්ව යන විට මැතිව්ස් තම මැණික් කටුව දෙසට අත දිගු කරමින් ඔහුගේ 'කාලය අවසන්' බව සංඥා කරන අයුරු තරග රූප රාමුවල මැනවින් සටහන්ව තිබුණි.

එමෙන්ම තරගය අවසාන වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බංගලාදේශ ක්‍රීඩකයින්ට සුබ පැතීමෙන් තොරව පිටියෙන් ඉවත්ව යන අයුරු දක්නට ලැබුණි.

තරගය අවසාන වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් ගෙන් විමසා සිටියේ පිටියේ මැද සිදුවුයේ කුමක්ද යනුවෙනි. එහිදී ඔහු පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය.

"අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පැමිණ කියා සිටියා ඉල්ලීමක් කරන්න ඇන්ජලෝ දැවී යනවා කියලා. මොකද ඔහු නියමිත කාලසීමාව තුලදී පිතිකරණය සඳහා ගාර්ඩ් එක අරන් නැහැ කියලා. ඉතින් මම විනිසුරුවරයාට ඉල්ලීමක් කළා. එහිදී විනිසුරුවරයා පැවසුවා මැතිව්ස් දැවී ගිය බවට. මගෙන් ඇහුවා ඉල්ලීම නැවත කැඳවනවද කියා. මම කිව්වා නැහැ කියලා."

"ඇන්ජලෝ සහ මම 2006 වසරේ අවුරුදු 19 ලෝක කුසලානයේදී ඉදලා එකට ක්‍රීඩා කරනවා. මම ඔහුව හොඳින් හඳුනනවා. ඒත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි නීතිය."

"ඒක හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ, මට දැනුනේ මම යුද්ධයක පැටලිලා වගේ කියලා ඒ නිසා මට තීරණයක් ගන්න වුණා මගේ කණ්ඩායම ජයග්‍රහණය උදෙසා.” ඔහු පැවසීය.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ද මාධ්‍ය හමුවේදී පැවසුවේ සිය අවුරුදු 15ක ක්‍රිකට් දිවිය පුරාවට මෙවැනි පහත් තත්ත්වයේ සිදුවීමක් දැක නොමැති බවය.

"අද වන තෙක් ඔහුට (ෂකිබ්) සහ බංගලාදේශ කණ්ඩායමට මගේ ගෞරවයක් තිබුණා. මගේ ජිවිතයට දැකලා නැහැ කණ්ඩායමක් මෙහෙම පහත් තත්ත්වයකට වැටෙනවා. ලැජ්ජයි බංගලාදේශ කණ්ඩායම සහ නායකයා ගැන. අප සියලු දෙනා ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය වෙනුවෙන්. එය නීතියට අනුව නම් යහපත්."

"ක්‍රිකට් නීතියේ පැහැදිලිව කියනවා මිනිත්තු දෙකක් තිබෙනවා කියලා. මම මිනිත්තු දෙක ඇතුළත ක්‍රීඩා පිටියේ සිටියා. ඒ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි තිබෙනවා අප සතුව, ඒ ගැන ඉදිරියේදී අප නිවේදනයක් නිකුත් කරනවා. මම මෙතැන නිකම් කතා කරනවා නොවේ. සාක්ෂි සහිතවයි කතා කරන්නේ. "

"මගේ ආරක්‍ෂිත හිස්වැසුම කැඩීමෙන් පසුව තවත් තත්ත්පර 05ක් ඉතිරිව තිබුණා. අප ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ගැන කතා කරනවා, ඔබ කියන්නේ මගේ ආරක්‍ෂිත හිස්වැසුම නොමැතිව පන්දුවට පහරදීම සඳහා වූ ඉන්න ලබා ගැනීම (සිය සීමා ඉර සලකුණු කිරීම) ගැටලුවක් නැහැයි කියාද ? දඟ පන්දු යවන්නෙකු පන්දු යවන විට කඩුලු රකින ක්‍රීඩකයා අනිවාර්යෙන්ම ආරක්‍ෂිත හිස්වැසුම පැළඳ සිටිය යුතුයි කියා ඔවුන් පවසනවා. මම කොහොමද එහෙනම් ගාඩ් එක ගන්නේ ආරක්‍ෂිත හිස් වැසුම නොමැතිව ?"

"විනිසුරුවරුන්ට මෙතැනදී විශාල වගකීමක් තිබුණා. ඔවුන්ට තිබුණා ඒ සම්බන්ධයෙන් නැවත පරික්ෂා කර බලන්න.පස්සේ විනිසුරුවරුන් අපේ පුහුණුකරුවන්ට කියලා තියෙනවා ඔවුන්ට එය පරික්ෂා කරන්න තිබුණා කියලා. නමුත් දැන් එය වැඩක් වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය දැනීමක්." මැතිව්ස් පැවසීය.

මීට පෙර ක්‍රිකට් ඉතිහාසයේ ‘Timed out’ නීතිය බලපෑ අවස්ථා මොනවාද ?

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ‘Timed out’ නීතිය අනුව දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ඉතිහාසයට එක්විය.

එය එසේ වුවද 2007 වසරේදී දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගයකදී එවකට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ සෞරව් ගංගුලි පිටියට පැමිණීමට මිනිත්තු 06කට වඩා කාලයක් ගත විය.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ග්‍රැහැම් ස්මිත් ‘Timed out’ නීතිය අනුව පිතිකරුවා දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඉල්ලීමක් කිරීමෙන් වැළකී සිටින අයුරු දක්නට ලැබුණි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 3

‘Timed out’ තීරණය ගැන සමාජ මාධ්‍යයේ පලවන අදහස් මොනවාද ?

මේ අතර මේ සම්බන්ධයෙන් උරණ වූ දේශීය ප්‍රේක්ෂකයින් විසින් මීට පෙර ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වූ එක්දින තරගයකදී බංගලාදේශ පිතිකරුවෙකු සිය ආරක්‍ෂිත ආවරණයක් අමතක වී පිතිකරණය සඳහා පිටියට පැමිණ නැවත එය ලබා ගැනීමට කාලය ගතකලද එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඉල්ලීමක් නොකළ බවට දැක්වෙන සටහන් ද සමාජ මාධ්‍ය තුළට මුදා හැර තිබුණි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 4

වත්මන් ලෝක කුසලාන තරගාවලියේ තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන රිචඩ් කෙටෙල්බ්රා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ නේපාල ක්‍රිකට් කණ්ඩායමේ අසිෆ් ෂෙයික්, ෂකිබ් අල් හසන්ට වඩා දහස් ගුණයකින් ක්‍රීඩාශිලිත්වයකින් යුක්ත බවයි.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 5

එමෙන්ම හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් කයිෆ් ද මෙම සිදුවීම පිළිබඳ සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුනේ එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි.

"ෂකීබ් විශ්වාස කළ යුත්තේ ජයග්‍රහණය ගැන මිස 'මොන යම් හෝ විදියකින් ජයග්‍රහණය කිරීම' නොවේ. එය ලැජ්ජා සහගතයි."

Skip X post, 6
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 6

ටෙස්ට් තරග පිළිබඳ BBC විශේෂ කණ්ඩායමේ හිටපු අයර්ලන්ත කඩුලු රකින ක්‍රීඩක නයල් ඔබ්‍රයන් පැවසුවේ: "මම හිතන්නේ ඔහු පන්දුවට මුහුණ දීමට සූදානම්ව සිටියා. නමුත් ඔහු තණතීරුවේ සිටින අතර ඔහුගේ හිස් ආවරණයේ දෝෂයක් මතු වුණා. මම හිතන්නේ එතන අත්වැරදීමක් සිදුවුණා."

එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක මයිකල් වෝගන් මෙම දැවී යාම හඳුන්වා දී තිබුණේ ආරක්‍ෂිත හිස්වැස්මේ දෝෂයක් නිසා ‘Timed out’ වුවා යැයි පැවසීම අලුත් දෙයක් බවයි.

Skip X post, 7
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 7

මේ අතර ඊයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයේදී විස්තර විචාරයේ යෙදුණු බංගලාදේශයේ හිටපු ක්‍රීඩකයෙකු වන ආතර් අලී ඛාන් පැවසුවේ තමන් ක්‍රීඩා පිටියේ සිටියා නම් අනිවාර්යෙන්ම ඇන්ජලෝ මැතිව්ස් නැවත කැඳවන බවයි. එමෙන්ම එම තරගයේ විස්තර විචාරයේ යෙදුණු හිටපු පකිස්ථාන ක්‍රීඩකයෙකු වන වකාර් යුනිස් පැවසුවේ මෙම සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට දැඩි බලපෑමක් එල්ල කරන එකක් බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන ෆර්වේස් මහරූෆ් සිය X ගිණුමේ සඳහන් කර තිබුනේ මෙවන්නකි.

"ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය නැතිවී ගොඩක් කල්!! එය එසේ නොවේ නම් මෙය අද සිට සියලුම පිතිකරුවන්ට දෑස් විවර කිරීමක්.නීති රීති තුළ අභියාචනය කිරීමට. හෙල්මට් වෙනස් කිරීමට අවශ්‍ය බව ඇන්ජලෝ විනිසුරුවන්ට සහ ෂකීබ්ට දැනුම් දුන්නේ නම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණා." යනුවෙනි.

මේ අතර ඊයේ තරගයෙන් පසුව බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් සිය X ගිණුමේ පළකර තිබෙන සටහනට ද ලැබි තිබුණේ දෙරටින්ම ආන්තික වූ මිශ්‍ර ප්‍රතිචාරයන්ය. ඇතැම් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඔහුගේ ක්‍රියාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට කලු පැල්ලමක් එක් කළ බවකි.

Skip X post, 8
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 8

මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් අදහස් දක්වමින් පවසා සිටින්නේ ‘Timed out’ නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දී ඇති බැවින් ඊට හැඟුම්බර වීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි.

එමෙන්ම බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවසා ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් පරිණත ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණීමට පෙර තමන්ගේ ක්‍රීඩා උපකරණ සුදානම් කර ගැනීමේ වගකීමක් ඔහු සතුව පවතින බවයි.

එමෙන්ම ෂකිබ් අල් හසන් ගත් තීරණය නිවැරදි බවට ද බොහෝ දෙනා මෙහිදී කරුණු සටහන් කර ඇති අයුරු දක්නට ලැබුණි. ඔහු ප්‍රශංසාවට ලක්කළ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියා සිටියේ ඔහු ක්‍රිකට් නීතිය අනුව යමින් ඒ මොහොතේ තම අවශ්‍යතාවය සහ රටේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක වූ බවයි.

Skip X post, 9
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 9

2014 වසරේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගය

මේ අතර 2014 වසරේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් මැන්කඩ් ක්‍රමයට දවා ගත් ආකාරය සම්බන්ධයෙන් ද මෙම සිදුවීම හරහා ඇතැම් ක්‍රීඩා ලෝලීන් ප්‍රශ්න කර තිබෙන අයුරු දක්නට ලැබුණි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරන ලදී.

පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පැවසුවේ ජෝස් බට්ලර් පන්දු යවන අන්තයේ වූ සීමා ඉරෙන් පිටත සිටීම නිසා ඔහුට අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳව අනතුරු ඇඟවීමෙන් පසුව එලෙස දවාගත් ක්‍රීඩකයෙකු ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

Skip X post, 10
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 10

ශකීබ්ට ඉදිරි තරග අහිමි වෙයි

මේ අතර බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ගේ ඇඟිල්ලක ඇතිවු ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශයට ඉතිරිව ඇති ඉදිරි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙන බව අද (නොවැම්බර් 7) වාර්තා විය.

කඩුලු තුනක ජයග්‍රහණයක් ලැබු ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ඉතිහාස ගත වූ මතභේදාත්මක තරගය අතරතුර ඊයේ (නොවැම්බර් 6) පන්දුවට පහර දෙමින් සිටියදී ඔහුගේ වම් මාපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුවිය. ශකීබ් අල් හසන් ආබාධයට ලක්වීම මේ වන විටත් දේශීය සමාජ මාධ්‍ය ජාලා වල උණුසුම් පුවතක් බවට පත්ව තිබෙන්නේ මේ පසුබිම තුළය.

කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩායම තරග කරන අවසන් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව සෙනසුරාදා පූනේහිදී පැවැත්වෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ඇතත්, මේ වටයේ තවත් තරගයක් ලබන 9 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එහිදී තම අවසන් තරගය ලෙස ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ සිටින නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.