ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව දෙවන වරටත් අන්ත පරාජයකට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ අද ( නොවැම්බර් 02 වෙනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 302 ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ අද ( නොවැම්බර් 02 වෙනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 302 ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

මෙම ජයග්‍රහණය සමග ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

අද තරගයට ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තුව සිටි ආරම්භය ලබාදීමට ඩිල්ෂාන් මධුෂංක සමත් විය.මධුෂංක විසින් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල පළමු පන්දු වාරයේ දෙවන පන්දුවේදී දවා ගැනීමට සමත් විය.

ඉන්දීය පිතිකරුවන්ට තරගයේ පළමු පන්දු වාර 06 තුලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල විය.

විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් ලබාදුන් උඩ පන්දු කිහිපයක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිලිහි ගිය අතර එහි වාසිය ඔවුන් දෙදෙනා ලබා ගැනීමට සමත්විය.

ගොඩනැගු සුපිරි සබඳතාවය

පළමු කඩුල්ල ලකුණු 04 කට දැවී යෑමෙන් පසු විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් විසින් ඉන්දීය ලකුණු පුවරුව ශක්තිමත් කරමින් ලකුණු 189ක් එක් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමේ 30 වන පන්දු වාරයේදී නැවත වරක් ක්‍රියාත්මක වූ ඩිල්ෂාන් මධුෂංක ලකුණු 92ක් රැස් කරමින් සිටි ශුබ්මන් ගිල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ඉන් පසුව නැවත වරක් තරගයේ 32 වන පන්දු වාරයේදී ලකුණු 88ක් රැස් කරගෙන සිටි විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට ඩිල්ෂාන් මධුෂංක සමත් වූ අතර

ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 196 කට කඩුලු තුනක් ලෙසිනි.

තරගය කණපිට පෙරළු පිතිකරු

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක ළඟ කඩුලු දෙකක් දැවී යාමෙන් පීඩනයකට නතුව සිටි ඉන්දීය කණ්ඩායමට සහනයක් ගෙන දීමට ෂෙරේස් අයියර් සහ කේ.එල්. රාහුල් සමත් විය.ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් විය.

ෂෙරේස් අයියර් ප්‍රවේගකාරී ලෙස පිතිකරණයක යෙදුණු අතර කේ.එල්. රාහුල් ඉතා සුපරික්ෂාකාරී ලෙස ලකුණු ලබා ගත්තේය.

කෙසේ වුවද ඉන්දීය ඉනිමේ 40 වන පන්දු වාරයේදී දුෂ්මන්ත චමීර ගේ පන්දුවක් හමුවේ ලකුණු 21ක් රැස් කරගෙන සිටි කේ.එල්. රාහුල් දැවී ගිය අතර ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 04 කට ලකුණු 256ක් ලෙසයි.

ඉන් පසුව පිටියට පිවිසුණු සුර්යකුමාර් යාදෙව් හට වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඩිල්ෂාන් මධුෂංක ඉඩ ලබා නොදුන් අතර ඔහුව ලකුණු 12 කට දවා ගැනීමට සමත් විය.

එක් අන්තයක කඩුලු දැවී යමින් තිබියදී සිය අන්තයේ කඩුල්ල රැක ගෙන සිටි ෂෙරේස් අයියර් ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව ප්‍රවේගකාරී පිතිකරණයක නිරත විය.

ඔහු විසින් හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 3ක් සමග පන්දු 56 කට ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය. ෂෙරේස් අයියර් සහ රවින්ද්‍ර ජඩේජා ඉන්දීය ඉනිමේ 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට සමත් විය. ලකුණු 82ක් රැස් කරගෙන සිටි ෂෙරේස් අයියර් ගේ කඩුල්ල ඩිල්ෂාන් මධුෂංක 48 වන පන්දු වාරයේදී දවා ගනු ලැබීය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 356ක් රැස් කිරීමට සමත් විය.

ඩිල්ෂාන් මධුෂංක ගේ වාර්තාව

ලෝක කුසලාන එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 05ක් දවා ගත් සිව්වන පන්දු යවන්නා ලෙස ඩිල්ෂාන් මධුෂංක වාර්තා පොත් අතරට එක්විය. මේ දක්වා කඩුලු 18ක් ලබා ගත් මධුෂංක, ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් ගේ ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක කුසලාන එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 05ක් දවා ගත් සිව්වන පන්දු යවන්නා ලෙස ඩිල්ෂාන් මධුෂංක වාර්තා පොත් අතරට එක්විය. මේ දක්වා කඩුලු 18ක් ලබා ගත් මධුෂංක, ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් ගේ ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි.

සිය මංගල ලෝක කුසලාන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ඩිල්ෂාන් මධුෂංක අද තරගයේදී කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය.

ලෝක කුසලාන එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 05ක් දවා ගත් සිව්වන පන්දු යවන්නා ලෙස ඩිල්ෂාන් මධුෂංක වාර්තා පොත් අතරට එක්විය. මේ දක්වා කඩුලු 18ක් ලබා ගත් මධුෂංක, ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් ගේ ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි.

ඉන්දීය පන්දු යවන්නන් විසින් සුනුවිසුණු කළ ශ්‍රී ලංකා ඉනිම

ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට සිදුවුයේ නොසිතු ඉරණමකටයි.

පසුගිය දා අවසන් වූ ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලකුණු 50 කට දැවී ගිය අයුරින්ම අද තරගයේ දී ද ශ්‍රී ලංකාවේ කඩුළු එක පිට එක දැවී ගියේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 55ක් පමණි. එම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් වාර්තා කළ සිව්වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.

අද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ කසුන් රාජිතයි. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 14කී. අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු නොලබා දැවී යාමද විශේෂත්වයකි.

පන්දු යැවීමේදී මොහොඩ් ෂාමි ලකුණු 18 කට කඩුලු 05ක් දවා ගනු ලැබීය.