'FIFA සභාපති කමට සුදුස්සා මමයි' - සෙප් බ්ලටර්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින දැනට පවතින තත්වයන් හමුවේ ලෝක පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාම සඳහා වඩාත් සුදුසු පුද්ගලයා තමන් බව එහි සභාපති පදවියට තේරී පත් වූ සේප් බ්ලටර් (Sepp Blatter) පවසයි.
මාධ්‍යවේදීන් ගෙන් පිරීගිය මාධ්‍ය සාකච්ඡාවක දී බ්ලටර් අවධාරණය කළේ කුණාටු සහිත මොහොතක නිසල දිය පිරි ප්‍රදේශයක් වෙත ලෝක පාපන්දු සම්මේලනය නමැති නෞකාව රැගෙන යාමට තමන්ට ආත්ම ශක්තියක් ඇති බවයි.
සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන් තමන් වෙත විශ්වාසය පළ කොට ඇති බව පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ තම සංවිධානයේ නැතිවූ කීර්තිනාමය නැවත ගොඩනගා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට ඔවුන් සුදානමින් සිටින බවයි.
ඩොලර් මිලියන දහයක අල්ලසක් ගැනීමේ සිදුවීමට තමා කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති බවයි මාධ්‍යවේදීන් පුන පුනා ඇසු ප්‍රශ්ණ වලට පිළිතුරු ලෙස සභාපතිවරයා පැවසුවේ.
මීට ප්‍රථම නැවත වරක් සභාපති ලෙස පත්වීමෙන් පසු යුරෝපීය පාපන්දු බලධාරීන් විසින් විරෝධතා පැවැත්වුයේ ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින්.




