හය හැවිරිදි ඉන්දීය පාසල් දැරියක් දුෂණය කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Press trust of India
ඉන්දියාවේ බැන්ගලෝර් නගරයේ පළමු පෙළේ පෞද්ගලික පාසලක හය හැවිරිදි දැරියක් පාසල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් දූෂණය කළ බවට චෝදනා නැගී තිබේ.
මේ හේතුව නිසා දෙමව්පියන් විසින් චෝදනාවට ලක් වූ පාසල වර්ජනය කිරීමට පටන් ගෙන ඇත.
දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාසල පියවර ගැනීමට එකඟ වන තුරු තම දරුවන් පාසලට නොඑවන බවයි දෙමව්පියන් පවසන්නේ.
පසුගිය සිකුරාදා මේ හේතුවෙන් පාසලේ පන්ති කාමර හිස්ව තිබිණ.
පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වන නමුත් කිසිවකු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
චෝදනා එල්ල වී තිබෙන්නේ සති දෙකකට පෙර දූෂණය සිදු වී ඇති බවටයි.
නමුත් දූෂණය පිළිබඳ කරුණු හෙළි වී ඇත්තේ අපචාරයට ලක් වූ දැරිය අසනීප තත්වයේ පසු වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුවයි.
දෙමව්පියන් චෝදනා කරන්නේ පාසල මෙම සිද්ධිය වසන් කිරීමට උත්සාහ දැරූ බවටයි.








