ඉන්දියාවේ තවත් සමූහ දූෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, ap
තරුණියන් දෙදෙනකු දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
කල්ලියක් විසින් දූෂණය කොට මරා දැමුණ තරුණියන් දෙදෙනාගේ මළ සිරුරු අඹ ගසක එල්ලා තිබුණ බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ.
අඹ ගසෙහි එල්ල තිබුණ මළසිරුරු සොයා ගනු ලැබ තිබෙන්නේ ගම්වාසීන් විසිනි.
ඥාති සහෝදරියන් වන තරුණියන් දෙදෙනා දූෂණය කොට මරා ගසෙහි එල්ලීම සම්බන්ධයෙන් සැක කෙරෙන සාපරාධී කල්ලියේ සාමාජිකයෙක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
තරුණියන් දෙදෙනා දූෂණය කිරීමෙන් පසු ගෙල සිර කර මරා දමා ඇති බවයි පැවසෙන්නේ.
අපරාධකරුවන්ට ගොදුරු වූ තරුණියන් දෙදෙනා ඉන්දීය සමාජයේ කුල වර්ග කිරීම් වලට අනුව පීඩිත කුලයකට අයත් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී හෙළි වී ඇත.
ඉන්දීය පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ ඉහත කී අපරාධය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහ කළ බවයි.
ඉන්දියාව පසුගිය කාලයෙහි ලිංගික අතවරවලට අදාළ නීති රීති දැඩි කළ නමුත් දූෂණ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරනු ලබන්නේ ඉතා සීමිත මට්ටමින් යයි වාර්තාකරුවෝ පෙන්වා දෙති.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




