ඉන්දීය මාධ්‍යවේදිනියට අතවර කළ සිව් දෙනක් වැරදිකරුවන් වෙති

ඉන්දීය මාධ්‍යවේදිනියට අතවර කළ වැරදිකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, reauters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය මාධ්‍යවේදිනියට අතවර කළ වැරදිකරුවන්

ඉන්දියාවේ මුම්බායි නගරයේ අධිකරණයක් මගින් මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙක් වැරදිකරුවන් කොට ඇත.

විසි හතර හැවිරිදි මාධ්‍යවේදිනිය අත්හැර දමන ලද පේෂ කර්මාන්තශාලාවක ඡායාරූප ගනිමින් සිටියදී ඇය අතවරයට ලක්වූ බවයි උසාවියේදී හෙළිදරව් වී ඇත්තේ.

මාධ්‍යවේදිනිය සමග සිටි ඇගේ පිරිමි සගයා බැඳ දමා පහර දී තිබුණි.

වැරදිකරුවන් කරනු ලැබූ පුද්ගලයින් හතර දෙනාට හෙට (සිකුරාදා)දඬුවම් කිරීමට නියමිත අතර චෝදනා ලබා තිබෙන තවත් බාලවස්කාරයෙකුට එරෙහි නඩු විභාගය බාල අපරාධ අධිකරණයක විභාග වෙමින් පවතී.

පසුගිය වසරේදී නවදිල්ලියේ බස් රථයක් ගමන් කළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමුහ ලිංගික අතවර කිරීමකට ලක්වූ අවස්ථාවේ දී එම සිදුවීම හෙළා දකිමින් ජනතා ප්‍රතිචාර පලවූ අකාරයටම මෙම සිදුවීම සම්බන්ධයෙනුත් ජනතා ප්‍රතිචාර පළ විය.