'සටන් විරාමයට' ප්‍රතිචාරයක් නැහැ

ගාසා තීරයේ පිහිටි තම නිවාස අතහැර පලා යන පලස්තීන වැසියන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයේ පිහිටි තම නිවාස අතහැර පලා යන පලස්තීන වැසියන්

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවට පලස්තීනය නිල මට්ටමින් ප්‍රතිචාර නොදක්වා ඇති බව ඊජිප්තුව පවසයි.

එවැනි යෝජනාවක් නොලැබුණු බවයි පලස්තීන සටන්කාමී හමාස් සංවිධානයේ ප්‍රකාශකයකු බීබීසීයට පැවසුවේ.

තාවකාලික සටන් විරාම යෝජනාව පිළිගැනීමට පෙර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඔවුන් ඉල්ලා සිටින සියලු කොන්දේසි වලට එකඟ විය යුතු බවයි එම ප්‍රකාශකවරයා පවසන්නේ.

ඊශ්‍රායලය ඊජිප්තු සැලසුම පිළිගෙන තිබෙනවා.

නමුත් ඊශ්‍රායලය වෙත නොනවත්වා රොකට් ප්‍රහාර එල්ල වුවොත් මෙහෙයුම් වේගවත් කරමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට සුදානමින් සිටින බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු පවසන්නේ.

ගුවන් ප්‍රහාර වලින් හානියට පත් ගාසා තීරයේ ගොඩනැගිලි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් ප්‍රහාර වලින් හානියට පත් ගාසා තීරයේ ගොඩනැගිලි
ගාසා තීරය දෙසින් එල්ල වූ ප්‍රහාරයකින් විනාශ වූ ඊශ්‍රායලයේ පිහිටි නිවසක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරය දෙසින් එල්ල වූ ප්‍රහාරයකින් විනාශ වූ ඊශ්‍රායලයේ පිහිටි නිවසක්

ඊශ්‍රායල බෝම්බ හෙළීම්වලින් පලස්තීන ජාතිකයන් දෙසීයකට අසන්න පිරිසක් මිය ගොස් තිබේ.

මිය ගිය පිරිසෙන් වැඩි දෙන සාමාන්‍ය වැසියන්.