ජනාධිපති ගාසා තීරයේ තතු විමසයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජනාධිපති මහින්ද රාජපක්ෂ ගාසා තීරයේ මිය ගිය පලස්තීන වැසියන් පිලිබඳව සිය කනගාටුව පල කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හට දුරකථනයෙන් කථා කොට ගාසා තීරයේ වත්මන් තත්ත්වය පිළිබඳ විමසීමක් කොට තිබේ.
ගාසා තීරයට ඉකුත් දින කිහිපය තුළ එල්ල වු ප්‍රහාර වලින් මියගිය පලස්තීන වැසියන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කනගාටුව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
ඊශ්‍රායලය පසුගිය දින කිහිපය තුළ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 200 ට ආසන්න පිරිසක් මියගිය අතර ඉන් වැඩි දෙනෙක් සාමාන්‍ය වැසියන්.
තවත් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති.




