තවත් යුද්ධයකට ඉඩ හැරිය නොහැකියි - එ.ජා.මහලේකම්

මැදපෙරදිග තවත් යුද්ධයක් ඇතිවීමට ඉඩ හැරිය නොහැකි බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් අනතුරු අඟවයි.
සටන් විරාමයකට එළඹෙන ලෙස ඔහු ඊශ්‍රායලයෙන් සහ පලස්තීනුවන්ගෙන් ඉල්ලා සිටී.
ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයක් ඇමතූ මහා ලේකම්වරයා අධික ලෙස බලය යොදා තිබීම ඉවසා සිටිය නොහැකි බවත් මේ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවට බවත් කියා සිටියේය.
මුර කපොල්ල
මේ අතර, ඊජිප්තුව, ඝාසා තීරයට ඇතුල්වන දේශ සීමාවේ ප්‍රධාන මුර කපොල්ල විවෘත කොට තිබේ.
මේ නිසා ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට එහි යාමේ පහසුකම් සැලසී ඇත.
අලුතින් නොසන්සුන්කාරී තත්වයක් හට ගැනීමෙන් පසු ඝාසා තීරයේ අසූවකට වැඩි පිරිසක් මිය ගිය බව වෛද්‍ය නිලධාරීහු පැවසුහ.
ඉන් අඩක්ම කාන්තාවන් සහ ළමුන්.
රොකට් ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, Getty
ඊශ්‍රායල යුද හමුදාව පැවසුවේ ඝාසා තීරයේ උමං පද්ධති සහ මිසයිල කලාප ඇතුළු සිය ගණනක් ඉලක්කවලට ඊයේ රාත්‍රී ප්‍රහාර එල්ල කළ බවයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ආපන ශාලාවක ලෝක කුසලාන පාපන්දු තරඟයක් නරඹමින් සිටි නම දෙනෙකු මිය ගොස් තිබේ.
පලස්තීනුවන් විසින් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටියද ඊශ්‍රායල ජාතිකයන්ට සිදුවූ හානි පිළිබඳ වාර්තා ලැබී නැත .








