ICC T20 ලෝක කුසලාන තරගාවලියෙන් පකිස්ථානයත් ඉවත් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලබන මාසයේදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ජනවාරි 25) 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කළ නමුත්, එම තරගාවලියට ඔවුන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
අගමැති ෂෙබාස් ෂරීෆ් හමුවීමෙන් පසු, පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොහ්සින් නක්වි පවසන්නේ T20 ලෝක කුසලානයට පාකිස්ථානයේ සහභාගීත්වය සම්බන්ධයෙන් "සියලු විකල්ප සලකා බලන" බවත් මේ සම්බන්ධයෙන් සිකුරාදා හෝ ලබන සඳුදා අවසන් තීරණයකට එළඹෙනු ඇති බවය.
සිය X ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි සඳහන් කලේ තමන් අගමැති ෂෙබාස් ෂෙරීෆ් සමඟ ඵලදායී හමුවක් පැවැත්වූ බවත්, එහිදී තමන් ICC ගැටලුව පිළිබඳව ඔහුට පැහැදිලි කළ බවත්ය. සියලු විකල්ප සලකා බලන ලෙස අගමැතිවරයා උපදෙස් දුන් බවත්, සිකුරාදා හෝ ලබන සඳුදා වන විට අවසන් තීරණයක් ගැනීමට ඔවුන් එකඟ වූ බවත් ඔහු එහි සඳහන් කර තිබේ.
විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි 7 වැනිදා ආරම්භ වන අතර, පාකිස්ථානය ඔවුන් සහභාගී වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, X
පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ෆෙඩ්රල් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ඉකුත් බදාදා රාත්‍රියේ පකිස්ථාන ක්‍රීඩකයින් හමුවූ බව ය.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඉන්දියාවේ T20 ලෝක කුසලාන තරග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, සෙනසුරාදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේ, බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කරන බව ය.
ICC නිවේදනයට පෙර, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි පැවසුවේ, පකිස්ථානය මෙම කාරණයේදී බංග්ලාදේශයට සහය දක්වන බවත්, ICC T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම ඉන්දියාවට පිටත් කර හරින්නේ ද යන්න පිළිබඳව රජය තීරණයක් ගන්නා බවත් ය.
බංග්ලාදේශයට අසාධාරණ ලෙස සලකනු ලැබ ඇති බව තමා විශ්වාස කරන බව මොහ්සින් නක්වි පැවසීය. ICC අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී තමා මෙම ගැටලුව මතු කළ බවත්, එක් රටකට නිදහසේ තීරණය කිරීමට ඉඩ දී තවත් රටකට වෙනස් ලෙස සැලකීමෙන් දෙබිඩි පිළියම් යෙදීම වැරදි බවත් ඔහු පැවසීය.














