Asia Cup: ඉන්දීය ක්‍රීඩකයින් අතට අත දීම ප්‍රතික්ෂේප කළා - පකිස්ථාන පුහුණුකරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, මැතිව් හෙන්රි
- Role, BBC ක්‍රීඩා මාධ්‍යවේදී
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙරට අතර තරගයෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.
මේ වසර මුලදී දෙරට අතර ඇති වූ ගැටුමෙන් පසු දෙරටේ ක්‍රීඩකයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමුවරට හමුවූයේ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය.
ඩුබායි හි පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පකිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු හතකින් ජයග්‍රහණය කළ අතර, තරගය ජයග්‍රහණය කරන අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩූබ් සුපුරුදු පරිදි පිටය මැදදී ප්‍රතිවාදීන්ට අතට අත දීම වෙනුවට වහාම පිටියෙන් ඉවත් විය.
පසුව, පකිස්ථාන ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වන විට ඉන්දීය ක්‍රීඩකයින් සිටි ස්ථානය (dugout ) දෙසට ඇවිද යන බවක් පෙනෙන්නට තිබුණත්, ඉන්දීය ක්‍රීඩකයින් ඒ වන විටත් ඇඳුම් මාරු කරන ස්ථානය වෙත ආපසු ගොස් තිබිණි.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුවද සූර්යකුමාර් සහ පාකිස්ථාන නායක සල්මන් ආගා අතර අතට අත දීමක් සිදු නොවීය.
"පැහැදිලිවම, අපි තරගය අවසානයේ අතට අත දීමට සූදානම්ව හිටියා," නවසීලන්ත ජාතික පකිස්ථාන පුහුණුකරු හෙසන් පැවසීය.
"අපේ ප්‍රතිවාදීන් එහෙම කළේ නැති එක ගැන අපිට කලකිරුණා."
තරගයෙන් පසු, සූර්යකුමාර් ජයග්‍රහණය විස්තර කළේ "පෙරළා ඉන්දියාවට ලැබුණු පූර්ණ තෑග්ගක්" ලෙසයි.
ඔහුගේ අවසාන ප්‍රශ්නයෙන් පසු ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "අපි ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් සහ පවුල් සමඟ සිටින අතර අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරනවා."
"අද දින ජයග්‍රහණය, නිර්භීතකම පෙන්වූ අපගේ සියලුම සන්නද්ධ හමුදාවන් වෙනුවෙන් කැප කරන්න අපි කැමතියි." ඔහු පැවසීය.
ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාවේදී පකිස්ථාන ක්‍රීඩකයින් ප්‍රතිචාර දැක්වූයේ නොමැත. හෙසන් පසුව පැවසුවේ ආගා එසේ නොකිරීමට තීරණය කළේ ඉන්දීය ක්‍රීඩකයින් අතට අත නොදීම නිසා බවයි.
"අපි අතට අත දෙන්න යනෙකාට, ඒගොල්ලෝ ඒ වෙනකොටත් ඇඳුම් මාරු කරන කාමරේට යමින් හිටියා," හෙසන් පැවසීය.
"තරගය අවසන් වීමෙන් පස්සේ ඒක කලකිරෙන සිද්ධියක් වුණා. අපි ක්‍රීඩා කළ ආකාරය ගැන අපි කලකිරීමට පත් වූ තරගයක් වුණත් අපි නිසැකවම ගිහිල්ලා ඒඅයට අතට අත දෙන්න කැමැත්තෙන් හිටියා."
පසුබිම කුමක්ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසු අප්‍රේල් මාසයේදී ඉන්දියාව සහ පකිස්ථානය දින හතරක හමුදා ගැටුමක නිරත විය.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්ථානයට චෝදනා කර සිටියේ ය - එය පාකිස්ථානය ප්‍රතික්ෂේප කළේය - පසුව පකිස්ථානය තුළ සහ පකිස්ථානයේ පාලනයට නතු කාශ්මීරය තුළ ගුවන් ප්‍රහාර දියත් කළ අතර, පකිස්ථානය ද මිසයිල ප්‍රහාර එල්ල කළේය.
එය දශක ගණනාවකින් අසල්වැසි රටවල් දෙක අතර ඇති වූ දරුණුතම මිලිටරි ගැටුම වූ අතර ඉන් පුද්ගලයින් රැසක් මිය ගියහ.
ගෝලීය තරගාවලිවලදී හැර මෙම රටවල් දෙක ද්වීපාර්ශවිකව ක්‍රිකට් තරග ක්‍රීඩා කර නොමැත. ආසියානු කුසලානය අවලංගු කිරීමට හෝ තරගය වර්ජනය කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වේ.
"රජය සහ BCCI [ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය], අපි එකඟ වෙලා හිටියා," සූර්යකුමාර් පැවසීය. "අපි තීරණයක් ගත්තා, අපි මෙහි පැමිණියේ ක්‍රීඩා කරන්න පමණයි. අපි නිසි පිළිතුර දුන්නා."
දෙපාර්ශ්වයම තරගාවලියේ අවසාන අදියර කරා ගියහොත්, මෙම ආසියානු කුසලානයේදී ඉන්දියාවට සහ පකිස්ථාන කණ්ඩායම්වලට නැවත හමුවිය හැකිය.
පෙබරවාරි මාසයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී දෙපාර්ශ්වය අතර තරගය ඩුබායි හිදී පැවැත්වුණේ ඉන්දියාව තරගාවලියේ සත්කාරක රට වන පකිස්ථානයට යාම ප්‍රතික්ෂේප කළ බැවිනි.
ඉකුත් ජුනි මාසයේදී නිවේදනය කරන ලද්දේ මෙම මස අගදී ආරම්භ වන කාන්තා ලෝක කුසලානයේ දී පකිස්ථානයේ තරග සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බවයි.
එම තරගාවලිය මුලින් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉසව්වක් සඳහා දෙරටටම එකිනෙක රටවලට නොයන පරිදි තරග කාලසටහන වෙනස් කරන ලදී.
පිටියේදී මොකද වුණේ?
මතභේද මධ්‍යයේ පකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක ජයක් ලැබීය.
පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 127ක් පමණි.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 5කදී ජයග්‍රහී ඉලක්කය පසු කළේ පන්දු 25ක් ඉතිරිව තිබියදීය.
ඒ කඩුලු 3ක් පමණක් දැවී තිබියදීය.














