බංග්ලාදේශය පළමු වරට ශ්‍රී ලංකාවේදී T20 තරගාවලියක් ජයගනී

බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙරටදී ලැබූ පළමු T20 තරගාවලි ජයග්‍රහණය මෙය වීම ද විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ශ්‍රී ලංකාවට එරෙහි 3 වන T20 තරගය කඩුලු 8කින් ජය ගනිමින් බංග්ලාදේශය අද (ජූලි 16 වැනිදා) ශ්‍රී ලංකාව සමග පැවති T20 තරගාවලිය ජයග්‍රහණය කළේ ය.

බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙරටදී ලැබූ පළමු T20 තරගාවලි ජයග්‍රහණය මෙය වීම ද විශේෂත්වයකි.

බංග්ලාදේශය මෙම තරගාවලිය ජයග්‍රහණය කළේ, තරග 2-1ක් ලෙසිනි.

ශ්‍රී ලංකාවට එරෙහි 3 වන T20 තරගය කඩුලු 8කින් ජය ගනිමින් බංග්ලාදේශය අද ශ්‍රී ලංකාව සමග පැවති T20 තරගාවලිය ජයග්‍රහණය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

පසුගිය තරග දෙකේදී ම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අද තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අද තරගයට කැඳවා තිබිණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 6කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා තමා මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගියේ ය.

පැතැම් නිස්සංක ලකුණු 46ක් රැස් කළ අතර, ප්‍රහාරත්මක ඉනිමක් ක්‍රීඩ කළ දසුන් ශානක නොදැවී ලකුණු 35ක් රැස් කළේ ය.

ආරම්භයේ සිට ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.

නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාවට රැස් කර ගැනීමට හැකි වූයේ, කඩුලු 7කට ලකුණු 132ක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කරනු ලැබුවේ, පන්දු 21ක් ඉතිරිව තිබියදී ය.

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු බිඳ දැමූ තන්සීඩ් හසන් නොදැවී ලකුණු 73ක් රැස් කළේ ය.

ලකුණු 11කට කඩුලු 4ක් දවාගත් මෙහෙදි හසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.

තරගාවලියේ වීරයා සම්මානය බංග්ලාදේශ නායක ලින්ටන් දාස්ට හිමි විය.

ලකුණු 11කට කඩුලු 4ක් දවාගත් මෙහෙදි හසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලකුණු 11කට කඩුලු 4ක් දවාගත් මෙහෙදි හසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය

අඛණ්ඩ පරාජයන් මැද ලැබූ තරගාවලි ජය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද පරාජය විය.

තරගාවලි දෙකකින් ලද පරාජයන් හමුවේ ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශය තරග සංචාරය නිමා කළේ ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියක් ජයග්‍රහණය කරමිනි.

එය බංග්ලාදේශ කණ්ඩායම ලැබූ සුවිශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.