ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
ඡායාරූප ශීර්ෂ වැකිය, ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."