තවත් පැහැදිළි සංඥා දෙකක් හඳුනාගැනෙයි

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
ගුවන් යානයේ ඇති පටිගත කිරීමේ යන්ත්‍ර මගින් නිකුත් කළේ යැයි අනුමාන කළ හැකි තවත් නව සංඥා දෙකක් හඳුනාගැනීමට හැකිවී ඇති බව අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් වල නිරත වී සිටින ඔස්ට්‍රේලියානු සම්බන්ධීකාරකවරයා පවසයි.
“ඕෂන් ශීල්ඩ්” නම් ඕස්ට්‍රේලියානු නාවික යාත්‍රාව විසින් ඇදගෙන යනු ලබන දෝංකාර හඬ ආධාරයෙන් සංඥා නිකුත්වන ස්ථානය හඳුනාගන්නා උපකරණයක් මගින් මෙසේ නව සංඥා දෙකක් ග්‍රහණය කරගත් බව සම්බන්ධීකාරක ඇන්ගස් හුස්ටන් පැවසුවේය.
මිනිත්තු පහයි තත්පර තිහක් සහ මිනිත්තු හතක කාලයක් දිගු වූ එම සංඥා හඳුනාගතහැකි තත්වයේ පවතින පැහැදිළි ස්ථාවර සංඥා බවයි පැවසෙන්නේ.
සති අන්තයේදී හඳුනාගත් සංඥා දෙක ඇතුළුව මේ සංඥා හතර මගින් සෝදිසි මෙහෙයුම් කළ යුතු ප්‍රදේශය පටු කර ගැනීමට හැකිවනු ඇතැයි යන්න අපේක්ෂාවයි.
තමන් සෝදිසි කරන්නේ නිවැරදි ප්‍රදේශයේ බව විශ්වාස කරන අතර සුන්බුන් කිසිවක් සොයාගන්නා තුරු මෙය ගුවන් යානය අවසන් වරට පැමිණි ස්ථානය යැයි නිගමනය කළ නොහැකි බවද සම්බන්ධීකාරකවරයා ප්‍රකාශ කළේය.




