අතුරුදහන් වූ යානය: ඥාතීහු වීදි බසිති

ඡායාරූප මූලාශ්‍රය, Getty
අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty
MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ.
දෙසිය තිස් නව දෙනෙකු සමඟ අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගෙන් එකසිය පනස් තුන් දෙනෙකුම චීන ජාතිකයන්.
‘පැහැදිලි සාක්ෂි’
යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට නිගමනය කිරීමට හේතු වූ ‘පැහැදිලි සාක්ෂි’ ඉදිරිපත් කරන ලෙස ඊයේ (සඳුදා) චීන බලධාරීහු මැලේසියාවෙන් ඉල්ලා සිටියෝය.
මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ.
සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බවයි ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.
එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි.




