'යානය ඉන්දීය සාගරයට කඩා වැටිලා'

අවසන් නිගමනය නිවේදනය කළ මැලේසියානු අගමැති නජීබ් රසාක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අවසන් නිගමනය නිවේදනය කළ මැලේසියානු අගමැති නජීබ් රසාක්

අතුරුදහන් වූ ගුවන් යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවත් මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මැලේසියානු අගමැතිවරයා නිවේදනය කළේය.

චන්ද්‍රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ.

නිවේදනයෙන් කම්පනයට පත් මගීන්ගේ ඥාතීන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවේදනයෙන් කම්පනයට පත් මගීන්ගේ ඥාතීන්

යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පයකට පමණ පසුවයි.