හමුදා ශක්තියෙන් හා බලයෙන් ලෝකයේ ආධිපත්‍යය දැරීමට තරග වදින ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ රුසියාව

Designed image of Xi Jinping, Donald Trump, and Vladimir Putin in front of their respective national flags of China, the United States, and Russia. Trump, centre, points towards the camera, while Xi and Putin look sightly away from him.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"බටහිර අර්ධගෝලයේ ඇමෙරිකානු ආධිපත්‍යය නැවත කිසි විටෙක ප්‍රශ්න කළ නොහැකි වනු ඇත," යනුවෙන්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලා නායක නිකොලස් මදුරෝ අල්ලාගැනීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ට්‍රම්ප් වොෂින්ටනයේ බලය තහවුරු කරමින් සිටින අතර, චීනය සහ රුසියාව ද ඔවුන්ගේ බලපෑම් කලාප තහවුරු කර ගැනීමටත්, ඒවා පුළුල් කිරීමටත් අඛණ්ඩව උත්සාහ කරමින් සිටිති.

බොහෝ විශ්ලේෂකයින් යෝජනා කරන්නේ මෙම රටවල් ත්‍රිත්වයම යුරෝපය සහ අනෙකුත් කලාපීය බලවතුන්ට ද දැඩි බලපෑම් ඇති කළ හැකි නව ගෝලීය නීතියක් ස්ථාපිත කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

ඇමෙරිකාව, චීනය සහ රුසියාව තම අසල්වැසි රටවල් පමණක් නොව, දුරස්ථ රටවල් ද බලපෑමට ලක් කිරීමට හමුදා, ආර්ථික සහ දේශපාලන මෙවලම් භාවිතා කරන්නේ කෙසේදැයි අපි මෙහිදී විමසා බලමු.

බලයෙන් පාලනය වන ලෝකයක්

Designed image of Donald Trump, against a background that uses elements of the US flag.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC

ඇන්තනි සර්චර්

උතුරු ඇමරිකා වාර්තාකරු

ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපදය, බටහිර අර්ධගෝලය කේන්ද්‍ර කර ගනිමින් එහි විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂක උපාය මාර්ග නැවත අර්ථ දක්වමින් සහ යළි සකස් කරමින් සිටියි.

මෙය, ඇමෙරිකානු බලය සහ අධිකාරිය ගෝලීය දෘශ්ටියකින් සලකා බැලූ, පක්ෂ දෙකෙහිම හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රවේශයට වඩා පැහැදිලි වෙනසක් නියෝජනය කරයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් පවසන්නේ මෙය ඇමෙරිකානු පුරවැසියන්ගේ ජීවිතවලට වඩාත් සෘජුවම බලපෑම් එල්ල කරන සංක්‍රමණ, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි ගැටලු කෙරෙහි අවධානය යොමු කරන "ඇමෙරිකාව පළමුව" යන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමක් බවයි.

ලෝකය "ශක්තියෙන් පාලනය වන, බලයෙන් පාලනය වන, බලපෑමෙන් පාලනය " වන බව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයෙකු වන ස්ටීවන් මිලර් මෑතකදී පළ කළ අදහස් දැක්වීම 1960 සහ 1970 දශකවල හෙන්රි කිසිංජර් සහ රිචඩ් නික්සන් අනුගමනය කළ ප්‍රායෝගික, ඒකමතික විදේශ ප්‍රතිපත්තිය සමඟ සසඳා බැලීමට හේතු විය හැක. එහෙත් වඩාත් සුදුසු සංසන්දනය වන්නේ 20වන සියවස ආරම්භයේදී විලියම් මැක්කින්ලි සහ තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපතිවරුන් විසින් ගෙන ගිය ඇමෙරිකානු අධිරාජ්‍ය ගොඩනැගීමේ උත්සාහයන් විය හැක.

බටහිර අර්ධගෝලය යුරෝපීය අත්පත්කිරීම් වලින් නිදහස් විය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපති ප්‍රකාශයක් වන 1823 ගෙන ආ "මොන්රෝ මූලධර්මය" පුළුල් කරමින් රූස්වෙල්ට් ඇමෙරිකා එක්සත් ජනපදය සියලුම ඇමෙරිකානු මහද්වීප ආරක්ෂා කර පාලනය කිරීමේ සක්‍රීය භූමිකාවක් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය.

එම කාලය තුළ,ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව සහ ඩොමිනිකන් ජනරජය වැනි රටවලට මූල්‍ය සහාය ලබාදී ඇති අතර, හයිටි සහ නිකරගුවා වෙත ඇමෙරිකානු සෙබළුන් යොමු කළේය.

සිය දෙවන ධුර කාලය ආරම්භයේ සිටම, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවට භූගෝලීය වශයෙන් සමීප ප්‍රදේශ හා ගැටලු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන බව නිරන්තරයෙන් ප්‍රකාශ කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ග්‍රහණයට ගැනීමට සිදු කළ ඔහුගේ හමුදා මෙහෙයුම එහි වඩාත්ම නාටකාකාර උදාහරණය වන නමුත් එය සිදුවූයේ එය කැරිබියන් මුහුදු කලාපය තුළ යාත්‍රා කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව සැක කෙරෙන නෞකාවලට එරෙහිව එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාර, ලතින් ඇමෙරිකානු රටවලට පීඩනයක් එල්ල කිරීම සඳහා පැනවූ තීරුබදු, ජාතික මැතිවරණවලදී නිශ්චිත අපේක්ෂකයින් සහ පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම, එමෙන්ම පැනමා ඇළ, ග්‍රීන්ලන්තය සහ සම්පූර්ණ කැනඩාවම ඈඳා ගත යුතු බවට කළ ඉල්ලීම්වලින් පසුවය.

"අපගේ ආරක්ෂාව සහ සමෘද්ධිමත්භාවය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස බටහිර අර්ධගෝලය තුළ එක්සත් ජනපදය ප්‍රමුඛ ස්ථානයක සිටිය යුතුය. එය කලාපය තුළ අපට අවශ්‍ය ස්ථානයක සහ අවශ්‍ය වේලාවක විශ්වාසයෙන් ක්‍රියා කිරීමට හැකි වන කොන්දේසියකි" යනුවෙන් ධවල මන්දිරය මෑතකදී නිකුත් කළ ජාතික ආරක්ෂක උපායමාර්ග ඔස්සේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, චීනය ඇතුළුව ඇමෙරිකාවේ කලාපීය අසල්වැසියන්ට බලපෑම් කිරීමට විදේශීය බලවතුන් දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීම මෙම නව ජාත්‍යන්තර උපාය මාර්ගයේ කොටසක් වේ. මෙහිදී, අර්ධගෝලීය බලපෑම් කලාපයක් පිළිබඳ ඇමෙරිකාවේ නව අවධානය, ගෝලීය දේශපාලනික අවධානයන් සමඟ සෘජුව ගැටෙන තත්ත්වයකට පත්විය හැක.

මීට අමතරව ට්‍රම්ප් ලෝකය පුරා සාම ගිවිසුම් සඳහා එළඹීමේ අතරමැදිකරුවෙකු වීම පිළිබඳ උනන්දුවක් පෙන්වා ඇති අතර, සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අරාබි රටවල් සමඟ ආර්ථික සහ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට දැඩි උනන්දුවක් දක්වා ඇත.

ඔහු සහ මිලර් ඇතුළු ඔහුගේ සමීප උපදේශකයින්, එක්සත් ජනපදය බටහිර ශිෂ්ටාචාරයේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ඛාදනය කිරීමට උත්සාහ කරන බලවේගවලට එරෙහි ආරක්ෂකයෙකු බවට වූ අදහස් ද ප්‍රකාශ කර ඇත.

මෙම සියල්ලෙන් යෝජනා කෙරෙන්නේ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ උපාය මාර්ගික පදනම "ඇමෙරිකා ප්‍රථමයෙන්" යන නව දර්ශනය සමග බැඳී තිබුණද, ට්‍රම්ප්ගේ පුද්ගලික අදහස් සහ අවශ්‍යතා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර න්‍යායපත්‍රය තවදුරටත් හැඩගස්වන බවයි.

ඇමෙරිකාවේ වසර 250ක ඉතිහාසය තුළ, එහි විදේශ ප්‍රතිපත්තිය හුදෙකලා වීමේ සිට මැදිහත් වීම දක්වා සහ නැවතත් ඒවා අතර මාරු වෙමින්, සදාචාරවාදය සහ ප්‍රායෝගිකත්වය මිශ්‍ර වූ විවිධ ආකාරයන්ගෙන් වෙනස් වී ඇත. සියල්ල රඳා පවතින්නේ එහි හමුදා බලය සහ එහි ජනතාවගේ සහ නායකයින්ගේ අරමුණු මත පදනම්වයි.

ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති කාලසීමාව තුළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ භූමිකාව දැඩි ලෙස වෙනස්වීමක් පෙනෙන්නට තිබුණ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය තුළ දිගු කාලීනව මෙම චක්‍රාකාර වෙනස්කම් සහ මාරුම් අවසන් වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත.

චීනයේ 'මහා පුනර්ජීවනය'

Designed image of Xi Jinping raising his fist, against a background that uses elements of the Chinese flag.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC

ලෝරා බිකර්

චීන වාර්තාකරු

චීනයේ ගෝලීය බලපෑම එක් "විෂයකට" හෝ ලෝකයේ එක් කලාපයකට සීමා වී නොමැත. දකුණු පැසිෆික් කලාපයෙන් දකුණු සහ මධ්‍යම ආසියාව දක්වා, පුළුල් මැද පෙරදිග, ලතින් ඇමෙරිකාව දක්වා සහ ඒ අතර ඇති සෑම ස්ථානයකම අද චීනයේ පැවැත්ම දක්නට ලැබේ.

ගෝලීය ආධිපත්‍යය ලබා ගැනීමේ උත්සාහයේදී චීනය තම ප්‍රධාන හැකියාව වන නිෂ්පාදනය භාවිත කර ඇත. ලෝකයේ නිෂ්පාදනය වන සියලුම භාණ්ඩවලින් තුනෙන් එකක් පමණ චීනයේ නිෂ්පාදනය කර ඇත. ඒවාට අපගේ සාක්කුවල තිබෙන උපකරණ, අපගේ අල්මාරිවල තිබෙන ඇඳුම් සහ අපි රූපවාහිනිය නැරඹීම සඳහා අසුන් ගන්නා ගෘහ භාණ්ඩ ද ඇතුළත් වේ.

ලෝකයේ දුර්ලභ පෘථිවි ඛනිජවල විශාලතම කොටස තමන් සතුව බව සහතික කිරීමෙන් අනාගතය තම අතට ගැනීමට චීනය තවත් වැදගත් පියවරක් තබා ඇත. මෙම ඛනිජ කාණ්ඩය ස්මාර්ට් දුරකතන, විද්‍යුත් මෝටර් රථ, සුළං විදුලි ජනක යන්ත්‍ර සහ හමුදා අවි ආයුධ ඇතුළු තාක්ෂණික නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අංශ සමූහයකි.

චීනය ලෝකයේ දුර්ලභ ඛනිජවලින් 90%ක් පමණ සැකසීම සිදු කරන අතර පසුගිය වසරේ එක්සත් ජනපදය සමඟ පැවති වෙළඳ යුද්ධය අතරතුර, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙම බලය භාවිත කරමින් චීනය අපනයන සීමා කර තිබිණි. මෙය වොෂින්ටනය ග්‍රීන්ලන්තයෙන් සහ ඉන් ඔබ්බට ඛනිජ සම්පත් හඹා යමින් සිටීමට හේතුවක් ලෙස ද පැහැදිලි කරයි. මෙම සුපිරි බලවතුන් දෙදෙනා සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා සටනක නිරත වී සිටින බව පෙනෙන්නට තිබේ.

2000 වසරේදී එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දැරූ ලෝකයක දෙවන පෙළ ක්‍රීඩකයෙකු වූ චීන මහජන සමූහාණ්ඩුවට මෙය විශාල පෙරළියකි. 2026 වසර වෙත ගමන් කරමින්, ජනාධිපති ෂී ජින්පිං වෙළඳාම, තාක්ෂණය සහ ආයෝජන මෙන්ම වර්ධනය වෙමින් පවතින හමුදා බලයක් මත පදනම්ව බලය හා බලපෑම පතුරවමින් ගෝලීය නායකයෙකු වීමට උත්සාහ කරන පුද්ගලයෙකු ලෙස ඉස්මතු වී සිටියි.

ලෝකයේ දුප්පත්ම රටවලින් එකක සිට ප්‍රධාන කාර්මික හා තාක්‍ෂණික බලවතෙකු දක්වා චීනය විසින්ම ඔවුන්ගේ නැගී සිටීම බොහෝ නැගී එන ආර්ථිකයන් සමඟ සම්බන්ධ වේ. ඔවුන් මෙය දකින්නේ බටහිරකරණයෙන් තොර නවීකරණයක් ලෙසයි. එහිදී බටහිර දේශපාලන පද්ධති හෝ විදේශ ප්‍රතිපත්ති සන්ධාන අනුගමනය කිරීමෙන් තොරව ආර්ථික වර්ධනයක් අත්කර ගත හැකිය.

එය ඵලදායී උපාය මාර්ගයක් බව ඔප්පු වී ඇත. 2001 වසරේදී ආර්ථිකයන්ගෙන් 80% කට වඩා චීනයට සාපේක්ෂව එක්සත් ජනපදය සමඟ ද්වි-මාර්ග වෙළඳාමක් සිදු කළේය. දැන්, ලෝකයේ 70% ක් පමණ ඇමෙරිකාවට වඩා චීනය සමඟ වෙළඳාම් කරයි.

බීජිං රජය සංවර්ධනයට ද විශේෂ අවධානයක් යොමු කරමින්, එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීමේ (Belt and Road Initiative) කොටසක් ලෙස නැගී එන ආර්ථිකයන් සඳහා විශාල ආයෝජන සිදු කර ඇත. මෙය වරාය, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග සහ බලශක්ති ව්‍යාපෘතිවල මහා පරිමාණ චීන ආයෝජන සමඟ ගොඩබිම් සහ සමුද්‍රීය මාර්ග හරහා ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව සම්බන්ධ කිරීම අරමුණු කරගත් දැවැන්ත ගෝලීය යටිතල පහසුකම් ව්‍යාපෘතියකි.

රටවල් රැසක් චීනයේ මහා පරිමාණ ණය ගැතියන් වීමට මෙය හේතුවී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාව සිදු කළ මෙහෙයුමෙන් පසු මතු වූ විශාලතම ප්‍රශ්නයක් වූයේ එය තායිවානය ආක්‍රමණය කිරීමට චීනයට අදහස් ලබා දෙයිද යන්නයි. නමුත් චීනය යම් දිනක මව්බිම සමඟ නැවත එක්වන දැනට වෙන්ව පවතින පළාතක් වන ස්වයං පාලන දූපත තමන්ගේ අභ්‍යන්තර කටයුත්තක් ලෙස සලකයි.

ෂී තායිවාන දිවයින ආක්‍රමණය කිරීමට තීරණය කරන්නේ නම්, එය එක්සත් ජනපදය පූර්වාදර්ශයක් ලබා දී ඇති නිසා නොවේ. බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ තායිවානය සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට බල කිරීමේ අරමුණින් චීනය තායිවානයේ ජනතාව වෙහෙසට පත් කිරීම සඳහා බලහත්කාරය යොදා ගැනීමේ උපාය මාර්ගය අඛණ්ඩව අනුගමනය කරනු ඇති බවයි.

ජනාධිපති ෂී ජින්පිංගේ දර්ශනය සෑම විටම චීන ජාතියේ "මහා පුනර්ජීවනය" වටා කේන්ද්‍රගත වී ඇත. ඉකුත් වසරේ පැවැති මහා පරිමාණ හමුදා පෙළපාලියේදී තම සෙබළුන් දෙස බලා සඳලුතලයක් මත සිටිමින් ඔහු ප්‍රකාශ කළේ චීනයේ නැගීසිටීම "නතර කළ නොහැකි" බවයි.

ඔහුට අවශ්‍ය වන්නේ බීජිං දෙස බලා එය අගය කරන ලෝකයක් වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පවතින වත්මන් ගෝලීය අවුල් සහගත තත්ත්වය ඔහු "පරිවර්තන කාලයක්" ලෙස විස්තර කරයි.

ඔහු මෙය අවස්ථාවක් ලෙස දකිනු ඇත. ලෝකය සන්ධිස්ථානයක රැඳී සිටින බවත්, එයට ඉදිරියට යාමට මඟ පෙන්වීම සඳහා චීනයටම මනා හැකියාව ඇති බවත් ඔහුගේ පණිවිඩයයි.

රුසියාවේ අසල්වැසියන්

Designed image of Vladimir Putin pointing his finger, against a background that uses elements of the Russian flag.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC

විටාලි ෂෙව්චෙන්කෝ

ප්‍රධාන විශ්ලේෂක, BBC Monitoring

ප්‍රසිද්ධියෙන් හෝ අප්‍රසිද්ධියෙන්, සෝවියට් සංගමය බිඳ වැටීම 20 වන සියවසේ "විශාලතම භූ-දේශපාලනික ව්‍යවසනය" ලෙස ව්ලැදිමීර් පුටින් පැවසුවේය.

මෙය රුසියානුවන් බොහෝ විට "the near abroad" ලෙස හඳුන්වන, 1990 දශකයේ ස්වාධීනත්වය ලබාගත් හිටපු සෝවියට් ජනරජයන් පිළිබඳ ඔහුගේ දැක්ම ගැන වැදගත් අවබෝධයක් ලබා දෙයි.

බොහෝ දෙනෙකුට, එම යෙදුම යෝජනා කරන්නේ ඔවුන්ට ස්වාධීන රාජ්‍යත්වය සඳහා ඇති අයිතිය දුර බැහැර විදේශ රටවලට වඩා අඩු බවයි.

ක්‍රෙම්ලින් දර්ශනයේ මූලික පදනමක් සපයන මෙම චින්තනයට අනුව රුසියාවට මෙම රටවල නීත්‍යානුකූල අවශ්‍යතා ඇති අතර ඒවා ආරක්ෂා කිරීමට අයිතියක් ඇත.

එහි බලපෑම් කලාපයේ සීමාවන් යන්න පැහැදිලිව නිර්වචනය කළ එකක් නොවන අතර, එම සීමා කොතැනට දක්වා විහිදෙන්නේද යන්න පිළිබඳව ක්‍රෙම්ලිනය හිතාමතාම වසන් කර තබා ඇත.

ජනාධිපති පුටින් එක් අවස්ථාවකදී පැවසුවේ "රුසියාවේ දේශ සීමාවලට කිසිදා අවසානයක් නැහැ" යනුවෙනි. ඔහුගේ ව්‍යාප්තිවාදී ප්‍රතිපත්තිවලට සහාය දක්වන ඇතැම් පිරිස් දක්වන අදහස් අනුව, රුසියාවේ බලපෑම් ක්ෂේත්‍රය යනු ඉතිහාසයේ රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ සියලුම භූමි ඇතැම් විට ඒවා ඉක්මවා ඇතුළත් වන්නක් බවයි. යුක්රේනයේ අත්පත් කරගත් ප්‍රදේශ ''ඓතිසාහික කලාප" ලෙස මොස්කව් විසින් හඳුන්වන හේතුව මෙයයි.

ලේඛනවලට අනුව, ක්‍රෙම්ලිනය හිටපු සෝවියට් ජනරජවල සහ සිය "අභිලාෂයන්" ඇති බව කියන අනෙකුත් රටවල ස්වෛරීත්වයට ගෞරව කරයි. නමුත් ප්‍රායෝගිකව, රුසියාවේ බලපෑම් පථයෙන් ඉවත්වීමට එම අනුගාමී රටවල් උත්සාහ කරන විට, ආර්ථික සහ හමුදා පීඩනය භාවිතා කිරීමේ දිගු ඉතිහාසයක් රුසියාවට ඇත.

යුක්රේනය මෙම බලපෑම් දැඩිව අත්විඳි රටකි. සෝවියට් සංගමය බිඳ වැටුණු පසු දශකයකට වඩා කාලයක් පුරා, යුක්රේන ආණ්ඩුව ක්‍රෙම්ලින‍යේ අරමුණු සමඟ වැඩි වශයෙන් එකඟ වූ ප්‍රතිපත්ති අනුගමනය කළ අතර, කළු මුහුදේ පිහිටි ක්‍රිමියාවේ ස්ථාපිත විශාල රුසියානු නාවික කඳවුරකට ද ද සත්කාරකත්වය සැපයීය.

යුක්රේනය ප්‍රතිසංස්කරණ හිතවාදී බටහිරට සහය දක්වන ජනාධිපති වික්ටර් යුෂ්චෙන්කෝ තෝරා පත් කර ගන්නා තෙක් ක්‍රෙම්ලිනය සම්බන්ධතාවය ගැන සතුටු විය. ඔහුගේ පාලන සමයේදී රුසියාව 2006 සහ 2009 දී ගෑස් සැපයුම් දෙවරක් වසා දැමීය.

ආර්ථික පීඩනය සහ දේශපාලන මැදිහත් වීම සාර්ථක නොවූ විට, 2014 දී රුසියාව ක්‍රිමියාව ආක්‍රමණය කර එය පාලනයට නතු කර ගත්තේය. එයින් පසුව, 2022 දී යුක්රේනයට එරෙහිව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් ආරම්භ කළේය.

මේ හා සමානවම ඒ හා සමානව, ප්‍රතිසංස්කරණවාදී ජනාධිපති මිඛෙයිල් සාකාෂ්විලි ජෝර්ජියාව පාලනය කරන සමයේදී 2008 වසරේදී රුසියාව ජෝර්ජියාවට එරෙහිව යුද්ධයක් ආරම්භ කළේය. එය ජෝර්ජියාවේ භූමි ප්‍රමාණයෙන් සම්මත වශයෙන් 20%ක් පමණ වන ප්‍රදේශවල රුසියානු පාලනය තහවුරු කර පුළුල් කිරීමට හේතු විය. එතැන් සිට, රුසියානු හමුදා "creeping occupation" ලෙස දේශීයව හඳුන්වන ක්‍රමයක් අනුව ජෝර්ජියානු භූමිය දෙසට දේශසීමා කණු සහ කටු කම්බි තල්ලු කරමින් සිටිති.

2008 දී ජෝර්ජියාවට එරෙහි රුසියානු ආක්‍රමණයටත්, 2014 දී යුක්රේනයට එරෙහි ආක්‍රමණයටත් බටහිර රටවල් විසින් සැලකිය යුතු ප්‍රතිචාරයක් නොදැක්වීම, හමුවේ "ආසන්න රටවල්" තමන්ට අයිති බවට වන පුටින්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කර ඇත.

යුක්රේනය සහ ජෝර්ජියාව මොස්කව් හි දේශපාලන ආධිපත්‍යයට විරුද්ධව සිටීම නිසා හමුදා මැදිහත් වීමකට ලක් වූ අතර, පැවැති ඇතැම් සෝවියට් ජනරජ කිහිපයක් තවමත් රුසියාවට සමීපව සිටී. එවැනි රටවල් පහක් වන බෙලරුස්, ටජිකිස්ථානය, කිර්ගිස්ථානය, කසකස්ථානය සහ ආර්මේනියාව තවමත් රුසියානු හමුදාවට සත්කාරකත්වය සපයමින් සිටියි.

යුක්රේනය සහ ජෝර්ජියාව සඳහා ගැටලු ආරම්භ වූයේ, රුසියාවේ බලපෑම් වලින් ඔබ්බට ගොස් වෙන් වීමට කැමැත්ත පළ කළ, ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන ක්‍රියාත්මක කිරීමට, බටහිර රටවල් සමඟ සමීප සම්බන්ධතා වර්ධනය කිරීමටත් උත්සාහ කළ රජයන් ඔවුන් විසින් තෝරා පත් කර ගත් විටය.

ඉන් අනතුරුව සිදු වූ දේ කිසිසේත් අලුත් දෙයක් නොවේ. ඉතිහාසය පුරාවට කෙනෙකුගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ සහ වාර්ගික සුළුතරයන් ආරක්ෂා කිරීමේ මුවාවෙන් සිදු කළ යුද්ධලින් පිරී ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සහ සීතල යුද්ධයෙන් පසුව, ගෝලීය ප්‍රජාව ඔවුන්ගේ ප්‍රමාණය හෝ ඔවුන් සතුව තිබූ ආයුධ කුමක් වුව ද ලෝකය සමානාත්මතාවය මත පදනම් වූ ප්‍රජාවක් බවට පත් කිරීම සඳහා බොහෝ උත්සාහයක් ගෙන තිබේ. නමුත් නැවත නැගී සිටීමේ සංකල්පය අප සියල්ලන්ම ඉතිහාසයේ ඉතා අඳුරු යුගයකට නැවතත් ගෙන යා හැකි අවදානමක් ඇති කරයි.