මැඩෝනා: හැට පනින පොප් රැජින ගැන කරුණු 7ක්

මැඩෝනා

ඡායාරූප මූලාශ්‍රය, SHUTTERSTOCK

ඡායාරූප ශීර්ෂ වැකිය, මැඩෝනා

බ්‍රහස්පතින්දා (අගෝස්තු 16) හැටවෙනි වියට එළැඹෙන ලෝක ප්‍රකට ගායිකා මැඩෝනා සිය 35 අවුරුදු සංගීත දිවිය තුළ වැදගත් සන්ධිස්ථාන රැසක් පසුකළ තැනැත්තියකි.

1983 වසරේ අතිශය ජනප්‍රියත්වයට පත් සිය පළමු ගීත ඇල්බමයෙන් අනතුරුව ලොව වටා සංගීතමය චාරිකා 10ක යෙදුනු ඇගේ ගීත ඇල්බම මිලියන 300ක් ලොව පුරා අලෙවි විණි.

එය මෙතෙක් වැඩිම අලෙවි වාර්තා තැබූ ගායිකාව ලෙස ගිනස් ලෝක වාර්තාවක් තැබීම දක්වා ඇය ගෙන යාමට හේතුවක් විය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක පොප් ගීත කලාවේ රැජින ලෙස හැඳින්වෙන මැඩෝනා ගැන දත්ත මගින් කියවෙන වෙනත් කරුණු මොනවාද?

1) එක්සත් රාජධානිය තුළ, වෙනත් කවර ගායිකාවකටත් වඩා අංක එකට පැමිණි ගීත ඇල්බම වැඩි ම ප්‍රමාණයක් හිමි ශිල්පිනිය ඇය ය.

මැඩෝනා ගේ ගීත ඇල්බම 12ක් අංක එක ස්ථානය හිමි කරගෙන ඇත. ඊට වැඩි ප්‍රමාණයක හිමිකම ඇත්තේ බීට්ල්ස් සංගීත කණ්ඩායමට හා ගායන ශිල්පී එල්විස් ප්‍රෙස්ලි ට පමණි.

ඇල්බම

2) වැඩි ම කැමැත්තක් ඇති ගීත

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මැඩෝනා ගේ ඔබ කැමති ම ගීය 'ලයික් අ වර්ජින්' (Like A Virgin) ද? එහෙනම් ඒ සමාගමය ට ඔබත් එක්වන්න: Sportify දත්ත ශ්‍රේණිගත කිරීමට අනුව, 1984 වසරේ එළිදුටු එම ගීතය වඩාත් ජනප්‍රියත්වයට පත් ගීතය එය විණි.

ඇයගේ ජනප්‍රියම ගීත 5 අතර ඇති 'හන්ග් අප්' (Hung Up) නම්වූ ගීය පමණක් 80 දශකයට අයත් නොවේ. එය නිකුත් කෙරුණේ 2005 වසරේදීය.

ජනප්‍රිය ගී

3) අන් කවර ගායිකාවකට වඩා ඇගේ ගීත ඉහළ ම තැන වූ ගීත පහ අතරට

එක්සත් රාජධානියේ ගීත දර්ශක ගත්විට මැඩෝනා ගේ ගීත 46ක් ඉහළ ම ගීත පහ අතරට ඇතුළත්ව තිබිණි. ඊට වැඩි ප්‍රමාණයක් වී නම් ඒ එල්විස් ප්‍රෙස්ලි ගැයූ ගීත වේ.

ගීත

1984 නිකුත් වූ ලයික් අ වර්ජින් ගීතයේ සිට 2009 වසරේ නිකුත් වූ සෙලිබ්‍රේෂන් ගීය දක්වා දශක තුනක් පුරා ඇයගේ ගීත ජනප්‍රියත්වයේ ඉහළ ම ගීත පහ අතර තිබිණි.

මැඩෝනා

ඡායාරූප මූලාශ්‍රය, SHUTTERSTOCK

4) වාර්තා බිඳ ලූ ප්‍රාසාංගිකත්වය

1980 ගණන්වල තත්ත්වය කුමක්දැයි දැනගැනීම පිණිස මිනිසුන් තුළ වූ කුතුහලය ගැන කීමට එකල ගූගල් නොතිබූ බව පැහැදිලි ය.

එහෙත් 2010 සිට තත්ත්වය සලකන විට, මැඩෝනා පිළිබඳ ගූගල් සෙවුම් අතරින් ඉහළම අගය 2012 වසරේදී වාර්තා වුණේ, 2004 ජැනට් ජැක්සන් ගෙන් පසුව ඇමෙරිකානු වාර්ෂික පාපන්දු උළෙල වූ Super Bowl හි මැඩෝනා කළ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම තුළිනි.

සුපර් බෝල්

2015 වසරේ දී කෙටී පෙරී හා 'Left Shark' විසින් බිඳ දමන තෙක්, Super Bowl අවසන් තරගයේ අතරමැදි කාලයේ ප්‍රසංගය නැරඹු වැඩිම පිරිස පිළිබඳ වාර්තාවට 2012 වසරේ හිමිකම් කිවේ මැඩෝනා ය.

5) අපට ඇසෙන එහෙත් නෑසෙන මැඩෝනා

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගීතයක ස්වර පරාසය, රිද්මය සහ වෙනත් කරුණු පදනම්ව එය "ප්‍රීතිමත්" හෝ "ශෝකී" ගීයක් දැයි යන්න තීරණය කිරීම සඳහා ඊට අංකමය වටිනාකම් බොහෝ අන්තර්ජාල සේවා විසින් සපයනු ලබයි.

පද වැල නොසලකමින්, සංගීතය නාද වන්නේ කෙසේදැයි යන්න පමණක් ඉන් මනිනු ලැබුව ද, එයින් ලැබෙන තොරතුරු භාවිතයෙන් අප වෙත නව ආරක සංගීතයක් ස්වයංක්‍රීයව රෙකමදාරු කරයි.

ඒ අනුව, මැඩෝනා ගේ ගී "අසන" Spotify හි පරිගණක විසින් ඒවා වර්ගීකරණය කරමින් පෙන්වා දෙනු ලබන්නේ කාලය ගෙවී යත්ම ඇගේ ගී "ශෝකාත්මක" වෙමින් ඇති බවකි.

ගීත ස්වභාවය

මෙය පැහැදිලිව ම සම්පුර්ණ කතාවෙන් දුරස් වූවකි. අපට මෙන් වචන අවබෝධ කරගැනීමටත් ගීතයක හැගීම "දැනීමට" ත් දැනට යන්ත්‍රයකට නොහැකිය.

සමස්තයක් ලෙස ගත්විට මැඩෝනා ගේ මුල් කාලයේ ගීත "ප්‍රීතිමත්" බවකින් යුක්ත වුව ද, වඩා ගැඹුරු, හැගීම්බර තත්ත්වයක් සැබවින් ම වූයේ ඇගේ මුල් කාලීන ගීත ඇල්බමවල ය.

1986 දී නිකුත් වූ True Blue නම් ගීතය වඩා "ප්‍රීතිමත්" ලෙස නාදවන ගීත අතර ශ්‍රේණිගත වූයේ ඉන් ආවරණය කෙරුණු නව යොවුන් ගැබ්ගැනීම්, රැවටිල්ල හා දෙමාපිය දුරස්ථභාවය වැනි කරුණු නොසළකා ය.

ඒ අනුව, ගීතයක් නාදවන ආකාරයට වඩා වැඩි යමක් ඒ පිළිබඳ අප වෙත ගෙන ඒම සඳහා අන්තර්ජාල සේවාවන්ට තව දුරක් යා යුතුව තිබේ.

6) වැඩියෙන් ම භාවිත වූ G major ස්වර පරාසය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මැඩෝනා ගේ මැදිරි පටිගත අලුත් ගීත ඇතුළත් ඇල්බම අතර එකිනෙකට වෙනස් ස්වර පරාස 24ට අයත්වූ ගීත වුව ද, ඒ අතරින් G major ස්වර පරාසයේ ගී වැඩිපුර දක්නට ලැබෙන අතර එම ගණන 17 කි.

g major

7) ඇමෙරිකාවේ ධනවත් ම සංගීතඥවරිය

බැලූ බැල්මට ම ඇය සුඛෝපභෝගීත්වයට ඇලුම් කරන්නියකි.

පසුගිය වසරේදී ෆොර්බ්ස් ඇස්තමේන්තුවට අනුව මැඩෝනා ගේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 580 කි. මේ තුළ ඇය ඇමෙරිකාවේ සිටින ධනවත් ම ශිල්පිනිය වන අතර දෙවෙනි තැන සිටින සෙලින් ඩියෝන් අභිබවා යන්නේ ඩොලර් මිලියන 200 කිනි.

ධනවත් ම ගායිකාව

(බීබීසී ප්‍රවෘත්ති වෙනුවෙන් ක්ලාරා ගිබෝර්ග් සකස් කළ වාර්තාවක් ඇසුරිණි)