බිලියන 4.3 ක් නැරඹු ගීතයක්: ඔබත් දෙස්පසීතෝ ලෝලියෙක්ද?

දෙස්පසීතෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගතව යන වසරේ ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ දෙස්පසීතෝ සංගීත වීඩියෝව ලොව පුරා සංගීත ලෝලීන් බිලියන 4.3ක් නරඹා තිබෙන බව එහි වීඩියෝ ප්‍රකාශන සමාගම අනාවරණය කර තිබේ.

ලොව පුරා රටවල් 47ක ජනප්‍රියම වීඩියෝව බවට පත් වූ Despacito බ්‍රිතාන්‍යයේ පමණක් මිලියන 64.7 ක පිරිසක් නරඹා තිබෙන බව ද සමාගමේ දත්තවලින් හෙළි වේ.

ජනප්‍රිය පොප් ගායක ඩැඩී යැංකිගේ ද ගායන, නර්තන දායකත්වයෙන් ගායක ලුවිස් ෆොන්සි ගේ රේගේටන්-පොප් (reggaeton-pop) නිර්මාණයක් වන දෙස්පසීතෝමේවසරේ බ්‍රිතාන්‍යය තුළ වැඩියෙන්ම නැරඹු ගීත වීඩියෝව බවත්Vevo වීඩියෝ ප්‍රකාශන සමාගම සඳහන් කරයි.

දෙස්පසීතෝ ඇතුළු ලතින් භාෂාවෙන් ගැයුන ගීත බොහොමයක් 2017 දී ලෝකයේ ජනප්‍රියම ගීත වීඩියෝ අතරට එක් වී තිබේ.

ලොව පුරා සංගීත ලෝලීන් වැඩියෙන්ම නැරඹු ගීත වීඩියෝ පට පහම රේගේටන් හෝ රේගේටන්/පොප් සම්ප්‍රදායට අයත් වීමත් විශේෂත්වයකි.

ෆ්‍රෙන්ච් මොන්ටානා ගයන 'අන්ෆොගෙටබල්' මේ වසරේ බ්‍රිතාන්‍ය සංගීත ලෝලීන් අතර දෙවැනි ජනප්‍රියම ගීතය බවට පත් වී තිබේ. එය නරඹා ඇති පිරිස මිලියන 56.7 කි.

දෙස්පසීතෝ මේ වසරේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්වුවත්, එය දෙවැනි ස්ථානයට පත්කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනප්‍රියම ගීය බවට පත් වී තිබුණේ පෝස්ට් මැලෝන් ගයන 'කන්ග්‍රචුලේෂන්ස්' ගීතයය.

ටේලර් ස්විෆ්ට්, එක්සත් ජනපදයේ ගීත ලෝලීන් වැඩියෙන්ම නැරඹු සංගීත ශිල්පියාය.

ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය වූ දෙස්පසීතෝ ගීතය අනුකරණය කරමින් සිංහල ගීත වීඩියෝවක් ද පසුගියදා නිර්මාණය කර තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

(අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන යොමුවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය)

ප්‍රසාංගික ක්ෂේත්‍රය ගැන තවත් යොමු: