යුද බිය මඩින්න ගීතය අවියක් කර ගත් දැරියක්

වීඩියෝ ශීර්ෂ වැකිය, යුද ගිනි දැල් මැද අවදිවන ළමා ගී හඬ

සනා හලාක් ජීවත් වන්නේ උතුරු දිග සිරියාවේ කැරලිකරුවන් අත පවතින අටරෙබ් නගරයේය.

තම උපන් නගරය වූ දමස්කස් හැර දමා පළා ගිය ඇයගේ දෙමව්පියන් විසින් අටරෙබ් නගරය සිය නවාතැන කර ගනු ලැබීය.

යුද ගිනි දැල් හමුවේ ඇති වන බිය මුසු හැඟීම්වලින් මිදී සිටීම සඳහා සනා විසින් තෝරා ගනු ලැබුවේ ගීත ගායනයයි.