ලින්කින් පාක් සහ චෙස්ටර් බෙනින්ටන් පිළිබඳ මේ කරුණු දැන සිටියාද?

චෙස්ටර් බෙනින්ටන් මිය යන විට 41 වැනි වියේ පසු විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චෙස්ටර් බෙනින්ටන් මිය යන විට 41 වැනි වියේ පසු විය

'ලින්කින් පාක්' සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පී චෙස්ටර් බෙනින්ටන්ගේ හදිසි වියෝව පිළිබඳ ලොව පුරා සංගීත ලෝලීන්ගේ ශෝකය පළ වෙමින් පවතී.

රසික හදවත් පිනවූ රොක් ගායකයාගේ වියෝව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද සමාජ ජාල ඔස්සේ ශෝකය පළ කර සිටිති.

'ලින්කින් පාක්' සහ යුගයක මතකය

1996 වසරේ දී ආරම්භ කරන ලද 'ලින්කින් පාක්' සංගීත කණ්ඩායමේ ගීතැටි ලක්ෂ 700 අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇත.

ඔවුන් ග්‍රැමී සම්මාන (Grammy Award) දෙකක් දිනා තිබේ.

'ලින්කින් පාක්' සංගීත කණ්ඩායමේ මංගල ගීත ඇල්බමය වූ'Hybrid Theory' සහස්‍රකය ආරම්භයේ හැදී වැඩුණු බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූවකි.

එහි පිටපත් ලක්ෂ 300 කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි විය.

එමෙන්ම 'Hybrid Theory'ඇල්බමය සහස්‍රකය ආරම්භයේ සිට මේ දක්වා වාර්තාගත මට්ටමින් අලෙවි වූ පිටපත් අතර ප්‍රමුඛ ස්ථානයේ පසු වේ.

Faint, In The End, Numb and Crawling වැනි ඔවුන්ගේ ගීත, දර්ශකවල හිණිපෙත්තට ළඟා විය.

පෞද්ගලික ජීවිතය

Chester Bennington in Bangkok (03 May 2015)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Chester Bennington (centre) performs with Linkin Park in Jakarta (21 September 2011)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රසික හදවත් පිනවූ රොක් ගායකයාගේ වියෝව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද සමාජ ජාල ඔස්සේ ශෝකය පළ කර සිටිති

එමෙන්ම 'ලින්කින් පාක්' සංගීත කණ්ඩායමේ 'Meteora'ඇල්බමය 2003 වසරේ දී 'Billboard 200' දර්ශකයේ පළමු ස්ථානයට පැමිණියේය.

චෙස්ටර් බෙනින්ටන්ගේ හඬ තරමක් ප්‍රකෝපකාරී තද බවකින් යුක්ත යැයි සළකනු ලැබුවත් ඔහු සැබෑ ජීවිතයේ ළෙන්ගතු, පැහැදිලි අදහස් පළ කරන සැහැල්ලු පුද්ගලයෙකි.

මිය යන විට ඔහු 41 වැනි වියේ පසු විය. දෙවරක් විවාහ වී ඇති ඔහු දරුවන් 06 දෙනෙකුගේ පියෙකි.

චෙස්ටර් බෙනින්ටන් මත්පැන් සහ මත ද්‍රව්‍ය භාවිතයෙන් පීඩා විඳි බව පැවසේ.

ළමා වියේ අපයෝජනයට ලක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සියදිවි නසා ගැනීමට සිතුණු අවස්ථා පිළිබඳ ඔහු අතීතයේ දී අදහස් පළ කර ඇත.

අවසන් ලියුම

Chester Bennington performing in Tokyo (07 July 2017)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙනින්ටන් මිය ගිය දිනට ක්‍රිස් කොනෙල් ගේ 53 වැනි ජන්ම දිනය යෙදී තිබිණි

පසුගිය මැයි 17 වෙනිදා සිය දිවිනසා ගනු ලැබූ 'සවුන්ඩ්ගාඩ්න්' (Soundgarden) සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී ක්‍රිස් කොනෙල් බෙනින්ටන්ගේ සමීපතමයෙකු බව පැවසේ.

ක්‍රිස් කොනෙල් තමන්ට ආදර්ශයක් වූ බවත් ඔහු සහ ඔහුගේ පවුල සමග ගත කළ සුවිශේෂී මොහොතවල් පිළිබඳවත් සිය මරණයට පෙර බෙනින්ටන් විසින් ලියන ලද විවෘත ලිපියේ සඳහන් වේ.

බෙනින්ටන් මිය ගිය දිනට ක්‍රිස් කොනෙල් ගේ 53 වැනි ජන්ම දිනය යෙදී තිබිණි.

line
line

බෙනින්ටන්ගේ මළ සිරුර බ්‍රහස්පතින්දා (ජුලි 20) පෞද්ගලික නිවසක් තුළ දී සොයා ගනු ලැබූ බව ලොස්ඇන්ජලීස් පළාතේ මරණ පරීක්ෂකවරයා නිවේදනය කළේය.

ඔහු මිය ගොස් ඇත්තේ ගෙල වැලලාගැනීම හේතුවන් යැයි පෙනෙන්නට ඇති බවත් මරණ පරීක්ෂකවරයා කියා සිටී.