'ටුපැක්' ඝාතනයට ලක්වූ මෝටර් රථය වෙන්දේසියේ

ඡායාරූප මූලාශ්‍රය, M0ments in Time
රැප් ගායක ටුපැක් ශකුර් ඝාතනයට ලක් වූ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථය ඇමරිකානු වෙබ් අඩවියක් මගින් වෙන්දේසි කිරීමට නියමිතව ඇත.
BMW 7 series මෝටර් රථයේ ආරම්භක ගැනුම් මිල ඇමරිකානු ඩොලර් පහළොස් ලක්ෂයකි.
පසුගිය වසර විස්සක කාලය මුළුල්ලේ රථයේ හිමිකාරිත්වය දැරූ පුද්ගලයාගේ අනන්‍යතාව පැහැදිලි නොමැති අතර වෙඩි වැදුණු මෝටර් රථය සම්පුර්ණයෙන් අලුත්වැඩියා කොට තිබේ.
1996 වසරේ ලාස්වේගාස් නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සංගීත ශිල්පි ටුපැක් ඝාතනයට ලක්විය.
වයස විසිපහයි


ඡායාරූප මූලාශ්‍රය, Reuters
වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඔහු ගමන් ගත් මෝටර් රථයේ බඳ කොටස වෙඩි උණ්ඩ සිදුරුවලින් පිරී පැවතිණි.


වෙඩි ප්‍රහාරයට ලක් වූ ටුපැක් රෝහල්ගත කර දින හයකට පසු මිය ගිය අතර ඒ වනවිට ඔහු විසිපස්වන වියේ පසුවිය.
ටුපැක් ශකුර් ගේ ඝාතකයා මෙතෙක් හමු වී නොමැත.




