ජොන් ලෙනන්ගේ ගිටාරයට ඩොලර් ලක්ෂ විසිහතරක්

බ්‍රිතාන්‍යයේ උපත ලද ජොන් ලෙනන් නිව්යෝර්ක් නුවරදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 1980 වසරේදීයි

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍යයේ උපත ලද ජොන් ලෙනන් නිව්යෝර්ක් නුවරදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 1980 වසරේදීයි

ලෝසුපතල බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයකුව සිටි ගායක ජොන් ලෙනන් විසින් පරිහරණය කරන ලද ගිටාරයක් ඩොලර් ලක්ෂ 24 කට අධික මිලකට වෙන්දේසි වේ.

අනූව දශකයේ අග භාගයේදී ජොන් ලෙනන් විසින් පරිහරණය කරන ලද ගිටාරය කැලිෆෝනියාවේ පැවති වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කොට තිබිණි.

බීට්ල්ස් තරුව මෙම ගිටාරය වාදනය කරමින් "Love Me Do" සහ "I Want to Hold Your Hand" යන ගීත පටිගත කොට ඇති බව විශ්වාස කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ගිබ්සන් වර්ගයේ මෙම ගිටාරය අඩ සියවසකට අධික කාලයක් සැඟවී වී තිබුණි.

එක්සත් ජනපද කැලිෆෝනියානු වැසියකුගේ භාණ්ඩ එකතුවක තිබියදී එය සොයා ගනු ලැබුවේ 2014 වසරේදීයි.

එවකට ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔස්සේ මෙම ගිටාරය ජොන් ලෙනන් ගේ බව ප්‍රවීණයකු විසින් සත්‍ය වශයෙන් තහවුරු කොට තිබේ.

බ්‍රිතාන්‍යයේ උපත ලද ජොන් ලෙනන් නිව්යෝර්ක් නුවරදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 1980 වසරේදීයි.