පෝල් වෝකර්ගේ දියණිය පෝශේ සමාගමට එරෙහිව 'නඩු මඟට'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
හොලිවුඩ් සුපිරි නළු පෝල් වෝකර්ට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් පෝශේ මෝටර් රථ සමාගමට එරෙහිව නීති මඟට බැසීමට ඔහුගේ දියණිය සුදානම් වන බව ඇමරිකානු වාර්තා පවසයි.
වෝකර් ගමන් ගත් පෝශේ රථය කණුවක ගැටීමෙන් අනතුරුව ගිනි ගත්තේ දෙදහස් දහතුන වසරේදීයි.
අනතුර සිදු වන අවස්ථාවේ රථය පැද වූයේ ඔහුගේ මිතුරෙක්.
පෝශේ මෝටර් රථ සමාගම, මගීන් සඳහා වන ආරක්ෂක පිළිවෙත් නිසි ලෙස අනුගමනය කොට නැති බවට පෝල් වෝකර්ගේ දියණිය, මෙඩෝව් චෝදනා කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
සිව් මසක් පැවති විමර්ශනවලින් අනතුරුව පොලිසිය කියා සිටියේ අනතුර වන මොහොත වන විට මෝටර් රථය පැයට කිලෝමීටර 151 වේගයෙන් ගමන් කොට ඇති බවයි.
රියදුරු පාලනයෙන් මිඳුණු මෝටර් රථය ඊට බෙහෙවින් අඩු වේගයකින් ගමන් කොට ඇති බවට මොහොතේදී පෝල් වෝකර්ගේ දියණියගේ නීතිවේදීහු තර්ක කරති.
පෝශේ මෝටර් රථ සමාගම මේ සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.




