ටියුනීසියාවේ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයන් විශාල පිරිසක් මරුට

Immigrants

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මියගිය පුද්ගලයන්ගේ සිරුරු බහාලූ පෙට්ටියක් වෙරළින් ඉවතට රැගෙන යන අයුරු

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පසුගිය සෙනසුරාදා අනතුරට පත්වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 112ක් පමණ වන බව සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසයි.

ඉරිදා දින වන විට මෙම අනතුරෙන් පනස් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා විය.

ටියුනීසියානු සහ තවත් ජාතිකයන් 68 දෙනෙකු වෙරළ ආරක්ෂක භටයන් විසින් බේරාගනු ලැබ තිබේ.

පසුගිය වසරේ සිට සංක්‍රමණිකයෝ ටියුනීසියාව හරහා යුරෝපයට ඇතුළු වීමේ නව මාර්ගයක් භාවිත කරමින් සිටිති.

මෙම තත්වය ආරම්භ වූයේ අසල්වැසි ලිබියාවේ සංක්‍රමණිකයන් වහල් සේවයේ යෙදවීම්, වධහිංසා පමුණුවීම්, ඝාතනය කිරීම් සහ මිනිස් ජාවාරමේ යෙදවීමවලට එරෙහි පියවා නිවේදනය කිරීමෙන් අනතුරුවය.

මේ තොරතුරුද කියවන්න:

බෝට්ටුවේ සිටි මගීන් 180 දෙනාගෙන් සිය දෙනෙක් ටියුනීසියානු ජාතිකයෝ වූහ.

බෝට්ටුව ගිලෙමින් තිබෙන විට වෙරළාරක්ෂක භටයන්ගේ අත්අඩංගුවට පත්වනු ඇතැයි බියෙන් එහි නියමුවා බෝට්ටු අතහැර පලා ගිය බව අනතුරෙන් දිවි ගලවාගත් පුද්ගලයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

Immigration

ධීවර බෝට්ටුවක් වූ එයට සෑම මගියෙක්ම ඩොලර් 700 - 1,170ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇති බව IOM සංවිධානයේ ප්‍රකාශකයෙක් AFP පුවත් සේවයට පැවසීය.

තවත් තොරතුරු:

රැකියා විරහිත ටියුනීසියානුන් හා අනෙකුත් අප්‍රිකානුවන් තාවකාලික බෝට්ටු මගින් ටියුනීසියාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියේ සිසිලි දූපතට සංක්‍රමණය වීමට බොහෝ අවස්ථාවල දී උත්සාහ දරා තිබේ.

මේ වන විට 32,000 කට අධික පිරිසක් යුරෝපයට පැමිණ ඇති අතර, ඉන් 660 දෙනෙකු සංක්‍රමණය වීමට උත්සහ දැරීමේ දී විවිධ හේතූන් නිසා මියගොස් ඇති බව IOM සංවිධානය පවසයි.