තාලිබාන් ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීමේ සූදානමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇෆ්ඝනිස්තාන් තාලිබාන් සන්නද්ධ ව්‍යාපාරයට යළිත් වතාවක් සාමය සඳහා ආරාධනයක් ලැබී ඇත.
සාම ක්‍රියාමාර්ගයක් ඇතුළත් එම ආරාධනය සිදු කරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝනිස්තාන් ජනාධිපති අශ්රෆ් ඝානි(Ashraf Ghani) විසිනි.
"කාබුල් වැඩ පිළිවෙළ" යනුවෙන් නම් කරනු ලැබ ඇති රටවල් විසිපහක් සහභාගී වෙන සමුළුවක දී ජනාධිපති අශ්රෆ් ඝානි එම ආරාධනය සිදුකර ඇත.
යෝජිත සාම සැලැස්ම අනුව සටන් විරාමයක් සහ සිරකරුවන් මුදා හරිනු ලැබීමක් ද ඇෆ්ඝන් නායකයා විසින් යෝජනා කරනු ලැබ ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි තාලිබාන් ව්‍යාපාරය ඇෆ්ඝනිස්ථානයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගනු ලැබීමත් එම සාම සැලැස්මට ඇතුළත් වෙයි.
එම ක්‍රියාමාර්ගයන් යෝජනා කරනු ලබන්නේ දහසය වසරක කාලයක් දිග්ගැසෙමින් පවතින ඇෆ්ඝන් සිවිල් යුද්ධය සහ දේශපාලන අර්බුදය නිමාවකට ගෙන ඒමේ අභිලාෂයෙනි.
එසේම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා සලකා බැලීමටත් සූදානම් බව ඇෆ්ඝනිස්තාන් ජනාධිපති අශ්රෆ් ඝානි(Ashraf Ghani) පවසයි.

සබැඳි පුවත්;








