පකිස්තානයේ සංගණන සේවකයන්ට තාලිබාන් ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පකිස්ථානයේ ලාහෝර් නගරයේදී සංගණන නිලධාරීන් කණ්ඩායමකට සහ ඔවුන්ගේ ආරක්ෂක භට කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයකින් අවම තරමින් හයදෙනෙකුවත් මිය ගොස් ඇත.
මිය ගිය අයගෙන් සිව්දෙනෙකු හමුදා භටයන් වන අතර අනෙක් දෙදෙනා සංගණන නිලධාරීන් ද නැතහොත් එම අවස්ථාවේ අවට සිටි දෙදෙනෙකුද යන්න තවමත් සනාථ වී නැත.
මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැකකෙරෙන මෙම ප්‍රහාරයෙන් විසිදෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.
ජන සංගණනයක්
පකිස්ථානයේ ජන සංගණනයක් සිදුවන්නේ වසර විස්සකට ආසන්න කාලයකට පසුවය.
මෙම ප්‍රහාරයේ වගකීම පකිස්තානයේ තාලිබාන් සංවිධානය භාරගෙන තිබේ.
තාලිබාන් සංවිධානය නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ තමන්ට එරෙහිව දියත්කළ මෙහෙයුම්වලට එරෙහිව, හමුදා භටයන්ගෙන් පළිගැනීම සඳහා මෙම ප්‍රහාරය එල්ලකළ බවය.




