ලහෝර් නගරයේ තවත් පිපිරීමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පකිස්තානයේ දෙවෙනි නගරය ලෙස සැළකෙන ලහෝර්හිදී සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් හයදෙනෙකු මරුමුවට පත්වී තවත් පිරිසකට තුවාල සිදුවිය.
එම පිපිරීම විදුලි උත්පාදක යන්ත්‍රයක් පිපිරී යාමෙන් සිදුවූ බව පන්ජාබ් පළාත් ආණ්ඩුව ප්‍රකාශ කළද පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ එය බෝම්බ ප්‍රහාරයක් බවය.
පිපිරීම සිදුවූයේ ජනතාව තම දෛනික අවශ්‍යතා සඳහා පැමිණෙන වෙළෙඳසැල්වලින් යුතු ප්‍රදේශයකය.
ලහෝර් නගරයේදීම මීට දින දහයකට පෙර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් අසූදෙනෙකුට පමණ තුවාල සිදුවූ අතර තාලිබාන් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් එහි වගකීම භාර ගෙන තිබුණි.
මෑත කාලයේදී පාකිස්තානයේ සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධ කෝලාහල රැල්ලක් ඇතිවූ අතර පසුගිය සිකුරාදා සුෆි දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් අනූ දෙනෙකු මරණයට පත්විය.




