ලාහෝර් ප්‍රහාරය: මරණ සංඛ්‍යාව හැත්තෑව ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty
දරුවන් ඇතුළු හැත්තෑවකට අධික පිරිසකට මරු කැඳවමින් පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි උද්‍යානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බව තාලිබාන් සංවිධානයෙන් බෙදී වෙන් වී ගිය කැරලි කණ්ඩායමක් පවසයි.
පාස්කු මංගල්‍ය සමරන කිතුනු බැතිමතුන් ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කළ බවයි ජමාත් උල් අහ්රාර් සංවිධානය කියා සිටින්නේ.
ඉහත කී ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා තවමත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බව පාකිස්තාන පොලිසිය නිවේදනය කළේය.
ප්‍රහාරකයන් හසු කර ගැනීම සඳහා උපරිම බලය යොදවන බවට පාකිස්තාන හමුදාව ප්‍රතිඥා දී ඇත.
දරුවන් සහ දෙමව්පියන්ගෙන් පිරී පැවති උද්‍යානයක් අසල ඉරිදා පුපුරා ගිය බෝම්බයෙන් තුවාල ලත් සංඛ්‍යාව සියයකට අධිකයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
පාකිස්තාන අගමැති නවාස් ශරීෆ් රෝහල් වෙත ගොස් තුවාල ලත් පිරිස්වල සුව දුක් විමසා ඇත.
ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සැලසුම් පිළිබඳ සාකච්ඡා කරනු වස් අගමැතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණ.
ලාහෝරය පිහිටි පන්ජාබ් ප්‍රාන්තයේ තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබේ.








