බස් බෝම්බයකින් පකිස්තානයේ 15 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
වයඹ දිග පකිස්තානයේ දී බස් රථයක් තුළ බෝම්බයක් පිපිරී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු මරණයට පත් විය.
පෙෂාවර් නගරය අවට ප්‍රදේශ වලින් රජයේ සේවකයන් බස් රථයට නංවා ගන්නා අතරතුර දී බස් රථය තුළ වූ බෝම්බය පුපුරා ගිය බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මගීන් හතලිස් දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස්රිය තුළ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා තිබෙන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.
තිහකට අධික තුවාල කරුවන් ගෙන් ඇතැමෙක් අසාධ්‍ය තත්වයෙන් පසුවන අතර මෙම බෝම්බ පිපිරීම සිදුවී ඇත්තේ පකිස්තාන හමුදා විසින් තාලිබාන් කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් සිදු කරන ප්‍රදේශයක බවයි වාර්තාවල සඳහන් වන්නේ.





