පාකිස්තානයේ තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයේ අධිකරණ භූමියක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී අට දෙනකු මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.
ශබ්කදර් නගරයේ සිදු වූ පිපිරීමට හසු වී තවත් විසි හත් දෙනකුවත් තුවාල ලබා තිබේ.
අධිකරණ සංකීර්ණය තුළට ඇතුළු වීමට උත්සාහ කළ බෝම්බකරු නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ ඔහු බෝම්බය පුපුරවා හැර ඇති බවයි බලධාරීන් පවසන්නේ.
එහිදී විශාල පිපිරීමක් සිදු වූ බව ඇසින් දුටුවෝ පවසති.
පාකිස්තාන් තාලිබාන් සංවිධානය හා සම්බන්ධ කැරලි කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
පන්ජාබ් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයකුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ආරක්ෂක භටයෙකු පසුගිය සතියේදී එල්ලා මරා දැමිණ. එයට පිළිගැනීමක් වශයෙන් ප්‍රහාරය එල්ල කළ බවයි ඉහත කී කැරලි කණ්ඩායම වැඩිදුරටත් පවසා ඇත්තේ.
දේවාපහාසය සම්බන්ධයෙන් රටේ පවතින නීතියට එරෙහි වූ පන්ජාබ් පළාත් ආණ්ඩුකාර සල්මන් ටසීර් ඉස්ලාමාබාද් නුවරදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2011 වසරේදී.




