තාලිබාන් ප්‍රහාරය: ඇෆ්ඝනිස්තානයේ ජාතික ශෝක දිනයක්

Relatives carry the body of one of the victims of a Taliban attack on an Afghan military base

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇෆ්ඝනිස්තානයේ හමුදා කඳවුරකට සිකුරාදා එල්ල වූ තාලිබාන් ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ ආරක්ෂක සාමාජිකයන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

උතුරු දිග මසාර්-එ-ෂරීෆ් නගරය ආසන්නයේ පිහිටි කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් හමුදා සාමාජිකයන් එකසිය හතළිස් දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව එරට බලධාරීහු පවසති.

හමුදා කඳවුරට කඩා වැදුණු කැරලිකරුවන් සිකුරාදා යාඥා මෙහෙයට සහභාගී වී පිටව යමින් සිටි සහ ආපනශාලාවේ සිටි හමුදා සෙබළුන් වෙත වෙඩි තබා තිබේ.

ඇෆ්ඝනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් එම ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ මිනිස් හර පද්ධතීන් සහ ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැණි ක්‍රියාවක් ලෙසය.

ප්‍රහාරයේ වගකීම

Coffins containing the victims of a Taliban attack on Afghan army officers

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ප්‍රහාරය එල්ල කිරීම සඳහා කැරලිකරුවන්ට කඳවුර තුළින් ආධාර ලැබී ඇති බවට දිවි බේරාගත් සමහරෙක් සැක පහළ කරති.

line
line

නිවේදනයක් නිකුත් කරමින් තාලිබාන් සංවිධානය කියා සිටියේ තමන් විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවය.

ප්‍රහාරය අතරතුර තාලිබාන් කැරලිකරුවන් දස දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති අතර එක් ප්‍රහාරකයෙකු රැඳවුම් භාරයට ගෙන තිබේ.