'සියලු බෝම්බවල මව': මේ කරුණු දැන සිටියාද?

PUBLIC DOMAIN

ඡායාරූප මූලාශ්‍රය, PUBLIC DOMAIN/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, 2003 වසරේ ෆ්ලොරිඩාවේදී අත්හදා බලන ලද MOAB බෝම්බය

විවාදයට තුඩු දී ඇති වඩාත් විනාශකාරී බෝම්බයක් ඇමරිකානු හමුදාව විසින් සටන් බිමේදී යොදා ගනු ලැබුවේ පළමු වරටයි.

න්‍යෂ්ටික නොවන බෝම්බයේ ඉලක්කය වූයේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පිහිටි නන්ගර්හාර් පළාතයි.

GBU-43/B Massive Ordnance Air Blast Bomb (MOAB) නොහොත් 'සියලු බෝම්බවල මව' ඊයේ (අප්‍රේල් 13) හෙළනු ලැබූ අතර ආචින් දිස්ත්‍රික්කයේ පිහිටි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අයත් උමං ජාලයක් එහි ඉලක්කය වූ බව පැවසේ.

න්‍යෂ්ටික නොවන බෝම්බයක් බැවින් MOAB බෝම්බය භාවිත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවේ.

'සියලු බෝම්බවල මව' :

  • අඩි 30 ක දිගින් යුත් දැවැන්ත ප්‍රමාණයේ අවියකි
  • බර කිලෝග්‍රෑම් 9,800 කි
  • GPS මග පෙන්වීමක් සහිත බෝම්බය හෙළන ලද්දේ MC-130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි
  • භූමිය මත පතිත වීමට සුළු වේලාවක් තිබියදී පුපුරා යයි
වීඩියෝ ශීර්ෂ වැකිය, 2003 වසරේ ෆ්ලොරිඩාවේදී අත්හදා බලන ලද MOAB බෝම්බය

MOAB බෝම්බයේ ප්‍රධාන බලපෑම වන්නේ දැවැන්ත පිපිරුම් තරංගයකි. අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,164 ක බලපෑම සැතපුමක් දුරට සියලු දිශා ඔස්සේ පැතිර යන බව පැවසේ.

එහි පැතිර යෑම උපරිම කිරීම සඳහා බෝම්බයේ ලෝහමය කොපුව තුනී ඇලුමිනියම් යොදා විශේෂයෙන් සකසා ඇත.

line
line

භූගත කඳවුරු සංකීර්ණ සහ උමං මාර්ගවලට හානි කිරීම සඳහා MOAB බෝම්බය විශේෂයෙන් නිර්මාණය කොට තිබේ.

ඉරාක යුද්ධයේදී යොදා ගනු වස් සකසන ලද MOAB බෝම්බයක් නිර්මාණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ එකසිය හැටක් වැයවන බව වාර්තා වේ.

රුසියාවෙන් 'සියලු බෝම්බවල පියා'

In this U.S. Air Force handout, a GBU-43/B bomb, or Massive Ordnance Air Blast (MOAB) bomb, is launched November 21, 2003 at Eglin Air Force Base, Florida.

ඡායාරූප මූලාශ්‍රය, USAF/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, MOAB බෝම්බය සටන් බිමේ භාවිත කළ පළමු අවස්ථාව මෙයයි

බෝම්බය 2003 වසරේදී පළමු වරට අත්හදා බැලූ අතර එය මෙතෙක් භාවිතයට ගෙන නොතිබිණි.

එසේම ඇමරිකානු හමුදාව සතු බරින් වැඩිම, න්‍යෂ්ටික නොවන බෝම්බය මෙය නොවේ.

ඇමරිකානු හමුදාව සතු බරින් වැඩිම න්‍යෂ්ටික නොවන බෝම්බය වන්නේ ප්‍රමාණය අතින් MOAB බෝම්බයට වඩා විශාල Massive Ordnance Penetrator හෙවත් MOP බෝම්බයයි.

එහි බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 13,607 කි.

line
line

මේ අතර 'සියලු බෝම්බවල පියා' ලෙස හඳුන්වනු ලබන බෝම්බයක් රුසියාව විසින් ද නිර්මාණය කරනු ලැබ තිබේ.

පැරණි තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද එය ඉන්ධන - වායු බෝම්බයක් ආකාරයේ අවියකි.