ඇමරිකානු අධිබල බෝම්බයෙන් IS සටන්කරුවන් 36ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රහස්පතින්දා(13) නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ 'නන්ගර්හාර්' පළාතේ සන්නද්ධ කණ්ඩායම්වලට අයත් මෙහෙයුම් මධ්‍යස්ථානයකට හෙලන ලද අධි බල MOAB බෝම්බය මගින් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමට අයත් සටන්කරුවන් තිස්හය දෙනෙකු මරණයට පත්වූ බව ඇෆ්ඝන් බලධාරීහු පවසති.
ඇෆ්ඝනිස්තාන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන ෂා හුසේන් මුර්ටාසාවී බීබීසීයට පවසන්නේ සන්නද්ධ කණ්ඩායමේ අණදෙන්නා ලෙස කටයුතු කළ සේදික් යාර් මියගියවුන් අතර සිටින බවය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් භාවිතා කරන ලද මීටර් තුන්සීයක දිගින් යුතු භූගත උමං ජාලය බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
වඩාත් අධිබලයකින් යුතු න්‍යෂ්ඨික නොවන බෝම්බයක් ඇමරිකාව විසින් භාවිතා කරනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.
සාමාන්‍ය වැසියන් අනතුරට පත්වූ බවට වාර්තාවී නැති බව ඇෆ්ගනිස්තාන බලධාරීහු සනාථ කළහ.




