කාබුල් නුවරට මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකට ගොදුරුවීමෙන් දහසයදෙනෙකු මරණයට පත්වී තිබේ.
යටත්පිරිසෙයින් පනස් දෙනෙකුටවත් තුවාල සිදුවී ඇති බවද වාර්තා විය.
පළමු බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ හමුදා පුහුණු පාසලක් ඉදිරිපිටය.
මෙම හමුදා පුහුණු පාසල තුළට කඩා වැදුණු ප්‍රහාරකයන් සහ ආරක්ෂක හමුදා අතර පැය කිහිපයක් පුරා පැවති වෙඩි හුවමාරුවකින් අනතුරුව මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවිය.
දෙවැනි බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ කාබුල් නුවර බුද්ධි සේවා කාර්යාංශය ඉලක්කකර ගනිමිනි.
මෙම ප්‍රහාරයන් දෙකෙහිම වගකීම තාලිබාන් සංවිධානය භාරගෙන ඇත.




