ඇෆ්ගන් තාලිබාන් නායක මරා දැමෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇෆ්ගනිස්තාන දේශ සීමාවට නුදුරු පකිස්තානයේ ප්‍රදේශයක දී ඇෆ්ගනිස්තානයේ තාලිබාන් නායක මුල්ලාහ් අක්තාර් මන්සුර් ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ඇෆ්ගන් ඔත්තුසේවා විසින් සනාථ කරනු ලැබ තිබේ.
ඇෆ්ගනිස්තානයේ තාලිබාන් නායක මුල්ලාහ් අක්තාර් මන්සුර් ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියන්නට ඇති බවටයි ඇෆ්ගනිස්තාන සහ ඇමරිකානු බලධාරීහු මින් පෙර සක පහළ කර තිබුණේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන තාලිබාන් සංවිධානයේ නිල නායකයා වන මුල්ලාහ් මන්සුර් නොකඩවා ඇමරිකානු හා අෆ්ගනිස්ඨාන හමුදා සාමාජිකයන්ට මෙන්ම සාමන්‍ය ජනතාවට ද තර්ජන එල්ල කරමින් සිටි බවයි.
මුල්ලාහ් මන්සුර් ඉලක්ක කොට සිදුවූ මෙහෙයුම පිලිබඳ ඇමරිකානු බලධාරීන් විසින් ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන රජයන් දැනුවත් කරනු ලැබ ඇත්තේ මෙහෙයුම අවසාන වීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.




