'ගිනිඅවි නීති දැඩි කරන්න' ඇමෙරිකානු බලධාරීන්ට තරුණ පිරිසෙන් බලපෑම්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකාව: 'ගිනිඅවි නීති දැඩි කරන්න' ඇමෙරිකානු බලධාරීන්ට තරුණ පිරිසෙන් බලපෑම්

පසුගියදා 17 දෙනෙකුට මරු කැඳවූ ෆ්ලොරිඩාවේ පාසලක සිදුවූ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පිරිස, දැඩි අවි පාලන නීති ගෙනෙන ලෙස නීති සම්පාදකයන්ට බලකර සිටීම සඳහා ප්‍රාන්ත අග නගරය වූ 'ටලහසී' (Tallahassee) බලා ගමන් ගත්හ.

සියයක් පමණවූ ශිෂ්‍යයන් 'ටලහසී' නගරයට පැමිණියේ, නීති සම්පාදක මණ්ඩලය මගින් ඉහත කී පාසල් ප්‍රහාරයේදී භාවිත කළ වර්ගයේ රයිෆල් තහනම ප්‍රතික්ෂේප කිරීමට පැය කිහිපයකට පෙරය.

'ටලහසී' මන්ත්‍රණ සභාව අසල විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිත අතර පසුව ශිෂ්‍යයෝ නීති සම්පාදකයන් හමුවීමට ද අපේක්ෂා කරති.

ආයුධ විරෝධී තරුණ පෙළක් විසින්, ප්‍රහාරයකින් අනතුරුව මෙහෙයවනු ලබන පළමු සංවිධානාත්මක විරෝධතාව මෙය ලෙස සැළකෙයි.

පසුගිය වසරේ 'ලාස් වේගාස්' හි ප්‍රසංගයකට සහභාගීවූ පිරිසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන ලද්දේත් මෙවැනිම අවියකිනි. එම ප්‍රහාරයෙන් 58 දෙනකු මරා දැමුණි.

#NeverAgain ව්‍යාපාරය කුමක්ද?

නැවත නොවේ...!

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY/SUPPLIED

ඡායාරූප ශීර්ෂ වැකිය, නැවත නොවේ...!

පාර්ක්ලන්ඩ්හි පිහිටි 'මාජරි ස්ටෝන්මන් ඩග්ලස්' (Marjory Stoneman Douglas) උසස් පාසලේ සිදු කෙරුණ කෘර ඝාතනයේ ඵලයක් ලෙස, එම 'නැවත කිසිදා නොවේ' (#NeverAgain) ව්‍යාපාරය නිර්මාණය විය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ පාසලක් තුළ සිදු වූ දරුණුතම දෙවන මාරාන්තික ප්‍රහාරයයි.

ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සිසුන්ගේ එකමුතුවක්, දැඩි විවාදයකට තුඩු දී ඇති මාතෘකාවක් වූ, අවි ප්‍රචණ්ඩත්වය සහ අවි පාලනයට ප්‍රථම වතාවට මැදිහත්වී ඇති බව 'ටලහසී' නගරයේ සිටින බීබීසී වාර්තාකාරිනී බාබරා ප්ලෙට් පවසයි.

වේදනාව අවි ප්‍රතිසංස්කරණ ඉල්ලාසිටියි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වේදනාව අවි ප්‍රතිසංස්කරණ ඉල්ලාසිටියි

ෆෝර්ට් ලොඩර්ඩේල් හි (Fort Lauderdale) සෙනසුරාදා පැවැත්වෙන විරෝධතාවයට සංවේදී ශිෂ්‍යයන් රාශියක්ම මූලිකත්වය ගෙන ඇත. තුවක්කු පාවිච්චියේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජාතික රයිෆල් සමාජයෙන් (NRA) මූල්‍යාධාර බාරගැනීම සම්බන්ධයෙන් එම ශිෂ්‍ය එකමුතුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු දේශපාලඥයන්ට චෝදනා කරයි.

මෙම ව්‍යාපාරයට, ඕප්‍රා වින්ෆ්‍රී, ස්ටීවන් ස්පිල්බර්ග්, ජොර්ජ් සහ අමාල් ක්ලූනි වැනි ජනප්‍රිය පුද්ගලයන්ගේ සහාය ලැබෙයි. මාර්තු 24 වැනිදා වොෂිංටනයෙදී පැවැත්වීමට සැළසුම් කරඇති රැළියට ඔවුන් විශාල වශයෙන් මුදල් ප්‍රදානය කර ඇත.

වගුව

2017 වසරේ දී කරන ලද සමීක්ෂණයකට අනුව ඇමෙරිකානුවන්ගෙන් 40%ක්, තමන් ගිනි අවියක හිමිකාරීත්වය දරන බව හෝ සිය නිවසේ ගිනි අවියක් ඇතැයි පවසති. එසේම, ගිනි අවියක් භාවිතයෙන් මිනීමැරීම හෝ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ අනුපාතය සැළකීමේදී සංවර්ධිත රටවල් අතරින් ඇමෙරිකාව ඉහළින් ම ඇති බව එම සමීක්ෂණයෙන් අනාවරණය වෙයි.

පසුගිය පුවත්: